IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සහරාන්ගේ අනුරාධපුර නියෝජිතයා කල්මුණේදී අසුවෙයි

( වසන්ත චන්ද්‍රපාල)
ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ අනුරාධපුර නායකයා කල්මුනේ ප්‍රදේශයේ නිවසක සිටියදි රාජ්‍ය බුද්ධි අංශයේ නිළධාරින් සහ අම්පාර පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබිය.
 
මෙම පුද්ගලයා ත්‍රස්තවාදි නායක සහාරාන්ගේ නුවරඑළිය පුහුණු  කදවුරට සහභාගි වු පුද්ගලයෙක් වන අතර ත්‍රස්තවාදි සංවිධානට මොහුට අබු හන්ලලා යන අනුවර්ථ නාමය දි තිබේ.
 
එමෙන්ම මෙම පුද්ගලයා ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ නායකයෙක් ලෙස කටයුතු කළ  දැනට අත් අඩංගුවේ සිටින සාදික් අබ්දුල් හක් යටතේද පුහුණුව ලබා ඇති  ව ආරක්ෂක අංශ  විසින් කරැණු අනාවරණය කරගෙන තිබේ.
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය අනුරාධපුර ලිපිනයේ පදිංචි මොහමඩ් ස්මයිල් මොහමද් සල්මාන් යන පුද්ගලයෙකි.
 
අම්පාර පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන  අංශය මගින් අත්අඩංගුවේ සිටින පිරිස අත් අඩංගුවට ගනු ලැබිය. අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ජී.එච්.මාරපන මහතා ගේ  උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වති.



අදහස් (14)

සහරාන්ගේ අනුරාධපුර නියෝජිතයා කල්මුණේදී අසුවෙයි

රවින් Sunday, 04 August 2019 12:48 PM

කොහොමද දේශපාලන බොරු? කිව්වේ ඔක්කොම අල්ලලා කියලා. හැබැයි හැමදාම ඇල්ලුවා කියලා නම් තියනවා. කවුද ඇත්ත කියන්නේ..?

:       0       582

Jaya Sunday, 04 August 2019 12:49 PM

අනේමන්දා කට්ටියක් කියනවා 100%ක් ඉවරයි කියලා. එ්ත් තාමත් අල්ලනවා...

:       22       545

janahitha Sunday, 04 August 2019 01:07 PM

කවුද කිවුවා, කියනවා දැන් සියල්ලන්ම අල්ලාගෙන ඉන්නේ... ඒ නිසා ප්‍රශ්නයක් නැහැ කියලා. එ්ත් මේ අල්ලන එවුන් මොක්කුද? රට හා ජනතාව අසරණ නොකොට මෙය කළ හැකි කෙනෙකුට දීමට දැන් අවස්ථාවයි. ඇයි මේ බොරුවෙන්, වංචාවෙන් ජනතාව රවට්ටන්නේ...?

:       0       1720

samira Sunday, 04 August 2019 01:21 PM

දැන් ඔක්කොම අල්ලලා ඉවරයි කියලා නේද පාරම්බෑවේ..?

:       0       450

jagath Sunday, 04 August 2019 01:42 PM

දැන්වත් ඔය මරාපියව්, කොටාපියව් කියන ආගමේ ඉන්නේ නැතුව පන්සලකට ගිහිල්ලා බණක්, භාවනාවක් කරන් ඉන්න පුරුදුවෙන්න කියලා අපි සියලුම මුස්ලිම් ජනතාවට අාරාධනා කරනවා.

:       13       1235

nisarSunday, 04 August 2019 02:58 PM

කොටියා පැරැද්දෙව්වේ භාවනා කරලද?

:       277       291

sharm warnMonday, 05 August 2019 03:35 AM

කොටියා පැරදෙව්වා කියලා මතකයි නේද ? එහෙනම් හොදයි.

:       133       129

sharm warnMonday, 05 August 2019 04:55 AM

ඔව්.. කොටියා පැරදෙව්වා තමයි. ඒක මතක තියෙන එක ගැන සතුටුයි...

:       30       159

jagath Sunday, 04 August 2019 01:45 PM

ලංකාව වටේම තිබෙන සියලුම මුස්ලිම් පල්ලි, පන්සල් බවට පරිවර්තනය කරන්න පාර්ලිමේන්තු පනතක් ගේන්න කැමති අය කොටාගෙන යන්න...

:       119       740

nisarSunday, 04 August 2019 02:57 PM

ඒ ආයතන ගැනත් එක එක ජාති චෝදනා ඇහෙනවා නොවැ...

:       270       61

RanilMonday, 05 August 2019 02:47 AM

කොටියව පැරැද්දුවේ කොටිය ආයුධ අරන් සිංහල, දෙමල, මුස්ලිම් අහින්ංසක මිනිස්සුන්ව මරන්න පටන් ගත්ත හින්ද මිසක් අපේ ඇඟේ අමාරුවකට නෙමෙයි.

:       0       37

Wasantha Sunday, 04 August 2019 02:15 PM

කෝ අර සිරිකොතේ රෙදි අපුල්ලන ලොස් ඇන්ජලීස්... මේවා අහද්දි ලොස් වෙලාම ගිහිල්ලද...?

:       1       259

sharm warn Monday, 05 August 2019 03:40 AM

රට වටේ පුරසාරම් කියන්නේ එක මාසෙන් ඉවර කළා කියලා. 4 වෙනි මාසෙටත් ඇවිල්ලත් තවම අල්ලනවා ප්‍රධාන කෙනාගෙම ලගම කණ්ඩායමේ අය.

:       0       18

Mohammed Rizan Monday, 05 August 2019 04:28 AM

අල්ලන ත්‍රස්තවාදීන්ට නිසි දඩුවම් දෙන්න. ඔවූන්ව හුරතල් කරන්න එපා... අනිවාර්යෙන්ම මරණිය දඩුවම දෙන්න ඕනි... නැත්නම් දුක් විදින්නේ අහිංසක මුස්ලිම් මිනිස්සු...

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site