IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සිංහරාජ මැද පාරට එරෙහි පෙත්සම ජනවාරි 23 කැඳවයි

(මනෝප්‍රිය ගුණසේකර)

ලෝක උරුමයක් වශයෙන් නම් කර ඇති සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ගත් තීරණය වළකාලන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සම ලබන වසරේ ජනවාරි 23 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (28) නියෝග කළේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මොහොමඩ් ලෆාර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.

පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වන සංරක්ෂණ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වන ජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරල්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

ලෝක උරුමයක් වශයෙන් නම් කර තිබෙන සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට 2021 වසරේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය තීරණය කර තිබූ බවත් එලෙස තීරණය කිරීමට පෙර නිසි පාරිසරික ඇගයීමක් නොකළ බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය ගත් එම තීරණය ජාතික වන භූමි පනතේ විධි විධානයන්ට පටහැනි බවද පවසති.

එබැවින් අදාල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලලා සිටින පෙත්සම්කරුවෝ අදාළ මංමාවත් පුළුල් කිරීමේ කටයුතු වලදී වනාන්තරයට කළ විනාශයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියම කරන්නැයිද ඉල්ලා සිටිති.

 



අදහස් (0)

සිංහරාජ මැද පාරට එරෙහි පෙත්සම ජනවාරි 23 කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site