IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සංස්ථා - මණ්ඩල 5 ක වැටුප් ගෙවිය නොහැකි තරමේ මූල්‍ය අර්බුදයක්

(අජන්ත කුමාර අගලකඩ)

කොරෝනා වසංගතයත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය හමුවේ නාගරික සංවර්ධන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති සංස්ථා හා මණ්ඩල පහක සේවක වැටුප් පවා ගෙවිය නොහැකි අන්දමින් මූල්‍ය  අර්බුදයකට ලක්ව ඇත.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව , රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීම් සංස්ථාව , ජාතික නිවාස සංවර්ධන අධිකාරිය , ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය යන ආයතන පහ මෙම අර්බුදයට මුහුණ දී සිටී.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හා ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ මැයි මස වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 117 ක පමණ මුදලක් ලබාදෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට රුපියල් කෝටි 48 ක් ද , ඉන්ජිනේරු සංස්ථාවට රුපියල් කෝටි 42 ක්ද රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීම් සංස්ථාවන්ට රුපියල් කෝටි 17 ක පමණ මුදලක්ද ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයට රුපියල් කෝටි 7 ක් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට රුපියල් කෝටි 3 ක්ද වශයෙන් මෙම මුදල ඉල්ලා ඇති බව වාර්තා වේ.



අදහස් (15)

සංස්ථා - මණ්ඩල 5 ක වැටුප් ගෙවිය නොහැකි තරමේ මූල්‍ය අර්බුදයක්

නන්නාදුනන හාදයා Monday, 22 June 2020 07:18 PM

මහා ජනතාවගේ මුදල් කොල්ලකෑ හොර තක්කඩි දේශපාලුවන්ට ඒ මුදල් වමාරන්න එන දිනය වැඩි දුර නැහැ. රට කරගෙන යන්න බැරිනම්, කරන්න පුළුවන් කෙනෙකුට නොදී තවත් මොනවද කරන්නේ..? රට නැත්තටම නැති කරන්න නම් වෙන්නේ නැහැ.. එදාට ඔබලාගේම හමුදාව ඔබලාට තුවක්කුව පෙන්වනවා නියතයි. ලෝකයේ හැමදාම වුනේ එයයි..

:       0       309

victor Monday, 22 June 2020 07:28 PM

සුළු දෙයක්නේ... 5000 ගහපු මැෂින් එක දවස් 2ක් වැඩ කරන එක විතරයි. ලංකාවේ තවම කඩදාසි හිඟයක් නැහැ.

:       0       9

de silva Monday, 22 June 2020 07:41 PM

මේ විදිහට රට වහගෙන ඇඳිරි නීතිය දමාගෙන ඉන්න පුළුවන් වැඩිම වුණොත් මාස 2ක්, 3ක් මේ වැඩේ ලංකාවට තබා ලෝකයේ සංවර්ධිත රටක් වන ජර්මනියට, ස්විට්සර්ලන්තයට වත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ග 2ක් වන සංචාරකයන් සහ විදේශ ශ්‍රමික යන මාර්ග 2ම ඉතිරිලා... අපි දැන් කරන්න ඕනේ ඉස්සෙල්ලම මැදපෙරදිග අතරමං වෙලා ඉන්න විදේශ ශ්‍රමිකයෝ ටික ලංකාවට ගෙනත් වහලා තිබෙන සංචාරක හෝටල් භාවිතා කරලා ඔවුන්ව නිරෝධායනය කරන අතරතුරේ රෝහල් පහසුකම් වැඩිදියුණු කරගන්න එක. ඊට පස්සේ පුළුවන් නොවැම්බර්, දෙසැම්බර් මාසවල ඉඳන් සංචාරකයෝ ගෙන්න ගන්න. ශ්‍රමිකයෝ ලංකාවට ගෙන්න ගන්න එක කරන්න තිබුණේ දැනට මාස 2කට පෙර ඉඳන්... මේ විදිහට කල්දමමින් ඉඳීමෙන් ඔක්කොම අවුල් වෙනවා.

:       0       11

Kithsiri Monday, 22 June 2020 11:24 PM

ජනතාව පත්කරපු ආණ්ඩුව විසින් මහ බැංකුව මංකොල්ල කාපු ලෝකයේ එකම රට බවට ලංකාව පත් වුණානේ... එතකොට පසුගිය අවුරුද්දෙ අන්තිම වෙනකොටත් බැංකුව හිස්වෙලා ඉවරයිනේ... ඒ පිටම කොරෝනා වසංගතයකුත් ආපුනිසා දැන් සල්ලි ඔක්කොම ඉවර ඇති... ඉතින් බනින්න ඕනෑ කාටවත් නොවේ...

:       381       26

Buddhika Monday, 22 June 2020 11:55 PM

මේ ආයතනවල කඩාවැටීමට ප්‍රධාන හේතුව ආයතන තුළම පවතින අසීමිත දේශපාලන ක්‍රියාකාරකම්... ජාතික නිවාස අධිකාරිය ගත්තොත් තනිකරම දේශපාලනය... වෘත්තීය සමිතියේ ලිස්ට් එකට සේවකයෝ මාරු කරන්නේ... අභ්‍යන්තර විගණන අංශය.., විගණන ගැන දන්නේ නැති නිලධාරීන්ගෙන් පිරිලා... මේ දවස්වල කරන්නේ සජිත්ගේ වැරැදි හොයන එක... ඡන්දෙදී සජිත්ට ගහන්න...

:       0       47

sirisena Tuesday, 23 June 2020 12:16 AM

කදිම රටක්... අපි ක්‍රිකට් පිට්ටනියක් හදමු... අඩුම තරමේ එකක්වත් නැතිනම්, කරුණාකර බොහෝ ගුවන්තොටුපළවල් හදන්න.

:       0       110

Nuwan Tuesday, 23 June 2020 12:17 AM

මේවා ගැන කතාව කෝ මැතිවරණ වේදිකාවේ? කිසිම පක්ශයක් මේකෙන් ගැලවෙන හැටි විස්තරාත්මකව ජනතාවට පැහැදිලි කරලා දුන්නද?

:       0       12

නිමල් Tuesday, 23 June 2020 12:51 AM

කෝවිඩ් නිසා රාජ්‍ය ආයතනවල වැටුප් ගෙවන්න බැහැ කියන එක නිදහසට කාරණයක් නොවෙයි. ඔය රාජ්‍ය ආයතන පෞද්ගලික අංශවලින් ආදායම් ලබන්නේ නැහැ. රාජ්‍ය ව්‍යාපෘති ඇරෙන්න කොහොමත්... එසේනම් භාණ්ඩාගාරයේ හිඟයක් තියෙන්නේ.

:       0       14

Denin Tuesday, 23 June 2020 01:52 AM

අපිට වැරදුණාද දෙයියනේ?

:       1       53

දිමුත්Tuesday, 23 June 2020 09:48 AM

දැන් සැපද?

:       0       35

Nishan Tuesday, 23 June 2020 02:17 AM

බිලියන ගණන් හොරකම් කරපු අයට දැන් පුලුවන් තමන් හොරකම් කරපු සල්ලි වලින් මේ හිඟ ගෙවන්න.

:       0       15

Rohana Tuesday, 23 June 2020 02:21 AM

මෙම ආයතනවල හදිසි අවශ්‍යතාවකදී ප්‍රයෝජනය ගැනීමට අරමුදල් කලමනාකරණයක් තිබුනේ නැතිද? එදාවේල හොයාගෙන කෑමේ පිළිවෙතින් දැන්වත් ඈත්වෙමු...

:       1       9

Perera Tuesday, 23 June 2020 03:45 AM

මොනවද බලබල ඉන්නේ? සල්ලි අච්චු ගහලා පඩි දෙන එකනේ තියෙන්නේ... අපේ අයට ඕනේ පඩියනේ...

:       1       12

rama Tuesday, 23 June 2020 04:51 AM

මෙච්චර විශාල මුදලක් ගෙවන මෙම සේවකයන්ගෙන් කිසිම ආදායමක් උපදින්නේ නැතිනම් මොනවටද මේ ආයතන නඩත්තු කරන්නේ.

:       13       69

rana Tuesday, 23 June 2020 06:32 AM

දැන්වත් අපි අපේ සත්‍ය තත්වය තෙරුම් ගනිමු.

:       0       46

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 451 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site