IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සුවසේවයට ගිය මෙරට කාන්තාවෝ දෙකක් ජපානයේදී ඇගැයෙති

(යොහාන් භාසුර)

තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස ජපානයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටින ශ්‍රී ලාංකික තරුණියන් දෙදෙනකු එරට ප්‍රධාන පෙළේ සඟරාවක් වන ‘විත් අයිඑම්’ සගරාවේ පිට කවරය සඳහා තෝරාගනිමින් ඔවුන්ගේ සේවය අගය කර ප්‍රශංසා සහිත ලිපියක් පළකර තිබේ.

මෙම තරුණියන් දෙදෙනා ඒ සඳහා තෝරා ගැනීමට විශේෂම හේතුව වී ඇත්තේ එම ආයතනයේ සියළු දෙනාගේ ආදරය දිනාගනිමින් සේවය කිරීමයි.

හලාවත පදිංචි කාවින්ද්‍යා සිතුමිණි හා ගාල්ල ප්‍රදේශයේ පදිංචි අශිනි නිමේෂා 2021 වසරේ සාත්තු සේවා පුහුණු ලාභීන් ලෙස ජපානයට පිටත්ව ගොස් අතර, ඔවුන් ජපානයේ නාගසාකි ප්‍රාන්තයේ ‘ලයිෆ් ඩිසයින්’ ආයතනය පවත්වාගෙන යන සාත්තු සේවා මධ්‍යස්ථානයේ සාත්තු සේවිකාවන් ලෙස සේවය කරති.

ඔවුන් සතුව ඇති ඉහළ ජපන් භාෂා හැකියාවත්, සිත් ගන්නා සුළු සිනහවත් හේතුවෙන් එම ආයතනයේ රැදී සිටින වැඩිහිටියන්ගේ හා සේවය කරන ජපන් ජාතිකයින්ගේ දැඩි ආදරය හා කරුණාවට ලක්වී තිබෙන අතර වර්තමානය වන විට ඔවුන් එම සමාගමට නැතුවම බැරි සාමාජිකයින් වී ඇති බවත් එම සඟරාව පවසයි.

‘ලයිෆ් ඩිසයින්’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කට්ෂුයා මහතා මෙම ශ්‍රී ලාංකික තරුණියන් පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ තමන් ශ්‍රී ලාංකික පුහුණුලාභීන් එම ආයතනයට බඳවා ගැනීම පිළිබඳව දෙගිඩියාවෙන් පසුවූ බවත් මෙම තරුණියන්ගේ  ක්‍රියාකලාපය අනුව දැඩි විශ්වාසයක් ඔවුන් පිළිබඳව ඇති වූ බවත්ය.

එම ආයතනය ඉදිරියටත් ශ්‍රී ලාංකික පුහුණු ලාභීන් බඳවාගැනීම වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.



අදහස් (4)

සුවසේවයට ගිය මෙරට කාන්තාවෝ දෙකක් ජපානයේදී ඇගැයෙති

චතුරංග Thursday, 02 February 2023 02:02 PM

ඔබ වගේ අය තමයි වැඩි වැඩියෙන් මේ රටට අවශ්‍යව ඇත්තේ. ඔබගේ සේවය ඉහළින් අගයමි.

:       0       38

Ananda Thursday, 02 February 2023 02:28 PM

හරිම සතුටුයි.

:       1       49

Senarath Thursday, 02 February 2023 03:06 PM

අපෙ රටෙ පවතින රකිය විරහිත බවයට පිලියමක් සොයන්න මෙ ලමඉන්ගෙ කපවිමෙන් ලබෙන ප්‍රසිද්ධිය හෙතුවක් වෙවි.

:       2       29

නවීන් Thursday, 02 February 2023 05:07 PM

ඩිස්ලයික් එකක් දැම්මේ ළමයින්ගේ නොකියා ළමයින්ගේ කියලා ලියපු නිසා මිස වෙනත් හේතුවක් නිසා නොවෙයි..., ඒ වගේම කවුරු ලිව්වත් වචනයක් මැදට උ අකුර ලියන්නේ නැහැ... සමහරක් උන්දැලා උ අකුර මැදට දාල වචන ලියනවා. එහෙම ලිව්වාම පේන්නේ ඉතාමත් නූගතෙක් කියලා තමයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site