IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘‘සිවරාම් මරා දමා වසර 11යි : ඝාතකයන් නිදැල්ලේ‘‘

මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් ඝාතනය කර වසර 11ක් සපිරීම නිමිත්තෙන් ‘‘සිවරාම් මරා දමා වසර 11යි. ඝාතකයින් නිදැල්ලේ. පරීක්ෂණ යළි අරඹනු‘‘ මැයෙන් උද්ඝෝෂණයක් සිකුරාදා (29) දහවල් 11ට කොළඹ කොටුවේ දී පැවැත්වීමට නියමිතය.

දෙමළ ජනමාධ්‍ය සංවිධානය,ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමය (ලංකා පාර්ශ්වය), ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍යවේදියෝ ඇතුළු ජනමාධ්‍ය සංගම් ද ලංකා ගුරු සංගමය ඇතුළු වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ද මෙම උද්ඝෝෂණය සංවිධානය කරයි.

1959 අගෝස්තු 11වන දින මඩකලපුවේදී උපන් සිවරාම් 2005 අප්‍රේල් 28 වැනි දා බම්බලපිටියේ දී පැහැරගෙන ගොස් මරා දමා තිබිණි. ඔහුගේ සිරුර හමුවූයේ පාර්ලිමේන්තුව ප්‍රදේශයෙනි.



අදහස් (0)

‘‘සිවරාම් මරා දමා වසර 11යි : ඝාතකයන් නිදැල්ලේ‘‘

යොහාන් Wednesday, 27 April 2016 07:56 PM

මේක ඉතින් අපේ ශ්‍රී ලංකාවනේ. ඕවා ඔහොම තමයි (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 27 April 2016 11:25 PM

මේවා විසඳුම් නැති ප්‍රශ්න ගානටයි අපි නම් හිතාගෙන ඉන්නේ (නි)

:       0       0

ජගත් Wednesday, 27 April 2016 11:26 PM

මේ විදිහටම තවත් වටිනා පුද්ගලයින් ඝාතනය කළ ඝාතකයින් කීදෙනෙක් තවම නිදැල්ලේද? (නි)

:       0       0

සුජීව Wednesday, 27 April 2016 02:10 PM

මතක තියා ගන්න එකක්, සිවරාම් මළේ චන්ද්‍රිකා සුර දූතියගේ කාලේ. (බ)

:       0       0

ශෂික Wednesday, 27 April 2016 02:36 PM

ඔව්..ශිවරාම් කියන ටැමිල්නෙට් වෙබ් එක කරපු කෙනාගේ ඝාතනය වගේම වසර 7 කට කලින් වේලුපිල්ලේ ප්‍රභාකරන් මරපු හැටිත් හොයලා හමුදාපතිවරු ඇතුළු සියලු රණවිරුවන් එල්ලා දමන්න.(බ)

:       0       0

නාමල් Wednesday, 27 April 2016 03:20 PM

ඕනෑම කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා වගේම වැරදි කරන කෙනෙක්ට දඩුවම් කරන්නත් රටේ නීති තියෙනවා, (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site