කුරුඳුවත්ත ටොරින්ටන් හි රාජ්‍ය බැංකුවට පැමිණි තුරුකි ජාතිකයන් දෙදෙනෙක් විදෙස් මුදල් මාරු කරන මුවාවෙන් පැමිණ මුදල් අයකැමි කාන්තාවගෙන් රුපියල් ලක්ෂ 5 කට අධික විදෙස් මුදල් සොරාගෙන ඇති බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
සැලසුම් සහගතව බැංකුවට පැමිණි මෙම දෙදෙනාගෙන් එක් අයෙකු විදෙස් මුදල් මාරු කිරීමට ගොස් මුදල් අයකැමි කාන්තාව රවටා ඇය අත තිබූ විදෙස් මුදල් නොට්ටු මිටිය ඉල්ලාගෙන ඉන් නොට්ටු 35 ක් හොර රහසේ ලබාගෙන ඇති අතර සවස මුදල් ගණනයේදී ඇති වූ වෙනසක් අනූව සැක ඇතිවී සීසීටීවී දර්ශන නැරඹීමෙන් මෙම සොරකම හසු වී ඇත.
ඒ අනූව පොලිස් පරීක්ෂණ අරඹා ඇති අතර ඒ වන විටත් ඔවුන් දෙදෙනා රටින් පැන ගොස් ඇත. සැක කරුවන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය පතන බවද කුරුඳුවත්ත පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.