විල්පත්තු වන රක්ෂිතයේ පිහිටි කුඩා විලච්චිය වැවේ අලංකාර බිසෝ කොටුව නිදන් හොරුන් විසින් වනසන ලදැයි පොලිසිය හා වනජීවී නිලධරයෝ කියති.
දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමාරයා පළමු වැනි හා දෙවැනි සියවස් වල දී මහ විලච්චිය හා කුඩා විලච්චිය වැව් තනවන්නට ඇතැයි ඉතිහාසයේ සඳහන් වේ.
මහවිලච්චිය බිසෝ කොටුව ශ්‍රී ලංකාවේ ඉපැරණි බිසෝකොටු වලින් අතිශය අලංකාර බිසෝ කොටුවක් බව පුරා විද්‍යාඥයෝ කියති.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාලිය කුමාරයාගේ වැවේ බිසෝ කොටුවත් ඉවරයි
ප්‍රමුඛ. Sunday, 22 December 2013 11:48 AM
කෞතුකගාරේ සොරකම සිදුවෙද්දී අපිට නම් තේරුණා ලංකාවේ අස්සක් මුල්ලක් නෑර නිධන් වස්තු, පුරා වස්තු,සිත් සේ මංකොල්ල කෑම සිදුවේවි කියා. කනගාටුවට කරුණ නම් දේශප්‍රේමීන් යයි කියාගන්න බහුතරයක් වෙසෙන යුගයක මෙබදු රටට හානිදායක මෙවැනි දේ විශාල වශයෙන් සිදුවීමය. (නදී)
දයා අලහාකෝන් Sunday, 22 December 2013 11:55 AM
මුළු රටම විනාශ කරලා ඉවරයි දැන්. සේරම කරන්නේ දේශපාලුවන්ගේ සහය ඇති කාපාලුවන් පිරිසකි.(නදී)
නිරංජලා. Sunday, 22 December 2013 11:56 AM
මෙහෙම ගියොත් තව ටික දවසකින් රුවන්වැලිසැයත් බිද නිධන් සොයාවි. දේශප්‍රේමය දොරේ ගලන ව්ට සිදුවන දේවල් කියා බලා හිදිමු.(නදී)
විමුක්ති. Sunday, 22 December 2013 12:07 PM
රටට වෙන හානිය පෙනෙන විට දැඩි වේදනාවක්,කම්පනයක්,කනගාටුවක් මෙන්ම කළකිරීමක ද ඇතිවේ.නමුත් කුමක් කරන්නද ? සියලුම බලවේග මුදලට නතු වී හමාරය. (ත)
ඉන්දික Sunday, 22 December 2013 12:08 PM
ප්‍රමුඛ, මමත් නිදන් මංකොල්ල කන එක ගැන කැමති නෑ. (ත)
ලුම්බිණි Sunday, 22 December 2013 12:09 PM
පුරාවස්තු පොලොව යට තිබිල වැඩක් නැහැ කියලයි මම නම් අහල තියෙන්නේ. (ත)
නිමල් Sunday, 22 December 2013 12:55 PM
සද්ධ නැතුවම ඇමැතිතුමෙක් ඇති. (ත)
ලොකුගේ Sunday, 22 December 2013 01:31 PM
දිය හැකි උපරිම දඩුවම් දෙන්න. එවිට මෙවන් විනශ ටිකක් හෝ අඩුවේ.(නදී)
මොහාන් දමාම් Sunday, 22 December 2013 01:42 PM
නිරංජලා , අලුත් ශ්‍රීලංකාවට පරණ දේවල් මොකටද ? (නදී)
පෙරේරා Monday, 23 December 2013 01:36 AM
ඕවා පිටිපස්සේ ඉන්න අයට "දේශපාලුවෝ" කියන්නේ නිකන්ද නේද ? (නදී)
ලක්ෂමන් ජයවර්ධන Sunday, 22 December 2013 02:05 PM
මේ දේවල් කරන්නේ ඉහල බල පුලුවන් කාරයින්ගේ අනුදැනුමෙනුයි.වැටයි නියරයි ගොයම කා නම් වග කිවයුතු අය නිකම්ම නිදි නැහැ. ගොරව ගොරවා වාත පිටකරමින් මර නින්දේ.(නදී)
ධම්ම Sunday, 22 December 2013 02:06 PM
පුදුමවෙන්න දෙයක් නැහැ. මේවා මේ අද ඊයේ සිට සිද්ධවෙන දේවල් නොවෙයි. (නදී)
අක්ෂි Sunday, 22 December 2013 02:16 PM
මේක ජාතික ප්‍රශ්නයක්, මහනායක හිමිවරුනි. මේවා නවත්වන්න ඔබ වහන්සේලා ඉදිරිපත් වී කටයුතු කරන්න.(නදී)
පිටබැද්දර ජයා Monday, 23 December 2013 07:06 AM
මේ විනාස කරන්නේ රටේ ජාතියේ ශ්‍රී විභූතියේ ඇසින් දුටු සාක්ෂි.(නදී)
නුවන් Sunday, 22 December 2013 03:19 PM
රටේ සොරුන් පිරී ඇත. (ත)
ග්‍රාම්‍යා Monday, 23 December 2013 07:36 AM
පොඩ්ඩක් ඉවසල ඉන්න තව නිදන් වස්තු ටිකකුයි පුරා වස්තු ටිකකුයි තියෙනවා ගොඩ දාගන්න. ඊට පස්සේ ආණ්ඩුවෙන් අලුත් අමාත්‍යංශයක් ඇති කරනවා 'නිදන් සහ පුර වස්තු සුරැකීම පිලිබඳ අමාත්යංශය" කියලා එකක්.(නදී)