IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සල්මාන් මාමාගෙන් කාර් එකක්

20060406Salman-Khan_1පසුගිය වසරේ විවාහ වූ සල්මාන් ඛාන්ගේ නැඟණිය වූ ආර්පිතා ඛාන් පසුගියදා සිය පළමු දරුවා බිහි කරනු ලැබීය. දිනක් දෙකක් ගෙවුණද තවමත් මේ පුවත උණුසුම් අන්දමින් අන්තර්ජාල වෙබ් අඩවි වල වාර්තා වමින් පවති. ආර්පිතා ඛාන්ට හා අයුෂ් ෂර්මාට දාව උපන් මේ දරුවාට 'අහිල්' ලෙස මේ වනවිට නම් තබා තිබෙන අතර, ඔහු දැනට සල්මාන්ගේ 'මුම්බායි'හි මහ ගෙදරට පැමිණ සිටින බවට තොරතුරු ලැබේ.

මෙම දරුවා උපත ලැබූ දිනයේදී ආර්පිතාගේ සහෝදරයා වූ සල්මාන් ඛාන් සිය අලුත්ම චිත්‍රපටය වූ 'සුල්තාන්^ හි රූපගත කිරීමකට එක්ව දැඩි ලෙස කාර්යබහුලව සිටි නමුදු, දරුවා ලැබුන පුවත අසා ඔහු සියලු රූපගත කිරීම් නවතා ආර්පිතා හා %අහිල්^ දරුවා බැලීමට මුම්බායි නගරයට පැමිණ ඇත.

සල්මාන් මෙන්ම ඔහුට හිතවත් බොලිවුඩ් තරු කිහිපයක්ද 'අහිල්' ලැබී මොහොතක් ගෙවෙන්නට පෙර ඔහු බැලීමට රෝහලට පැමිණ සිටි අතර, ඔවුන්ගෙන් දෝතපුරා තෑගිද ලැබුණ බවද සඳහන් වේ. බොලිවුඩ් තරු ගෙනා තෑග වලට වඩා අමතක නොවන තෑග්ගක් පිරිනැමීමට සල්මාන් කටයුතු කර තිබුණ අතර, ඒ අලුතින්ම නිෂ්පාදනය කළ BMW මෝටර් රථයකි. 'අහිල්' උපත ලැබු පෞද්ගලික රෝහලෙන් නික්ම සල්මාන් පදිංචි මුම්බායිහි ඛාන් පවුලේ මහගෙදරට ගියේද සල්මාන් දුන් මේ අගනා මෝටර් රථයෙන් බව සඳහන් වේ.



අදහස් (0)

සල්මාන් මාමාගෙන් කාර් එකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 9 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site