IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


'සිරස කුමරිය' ඔස්සේ ඔබ හැඳිනගත් 'චේතනා'

2016-05-12-ent-44

සිරස කුමරිය හරහා නිරූපණ ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූ චේතනා රණසිංහ නිරූපණය ඔස්සේ දීර්ඝ ගමනක් යාමට බොහෝ බලාපොරොත්තු ඇති යුවතියකි. ඇයගේ නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු පිළිබඳව "සාරවිට" සමග යෙදුණු කතාබහකි.

 

චේතනා රණසිංහ කොහොම කොහොම ක්ෂේත්‍රයට එන්නේ?

2016-05-12-ent-472014 මහරගම තරුණ සේවා සභාව මගින් රොසෑන් ඩයස් මහත්මිය යටතේ මට නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව හදාරන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ 2014 වර්ෂයේදීම %ඇලරිස් සිහින කුමරිය^ තරගයේ අවසාන දොළොස් දෙනාට ආවා. ඊට පස්සේ 2015 වර්ෂයේදී සිරස රූපවාහිනී ආයතනයේ %සිරස කුමරිය^ සඳහා මගේ යාළුවෙක් කියලා මම ඒ සඳහා අයදුම් කළා. එතනින් අවසාන සිය දෙනාටත්, අවසාන විසිහතර දෙනා අතරටත් තේරුණා. අවසාන විසිහතර දෙනා අතර තේරුණු අයගේ උපරිම දක්ෂතා පිළිබඳව ඒ අය බැලුවා. එතනදී අපි හැමෝටම ලස්සනට වඩා තියෙන දක්ෂතාව අවශ්‍ය වුණා. ඊට පස්සේ එතැනින් තුන්වැනි ස්ථානය දිනාගන්න අවස්ථාව හිමිවුණා. මේ විදිහට තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට ආව ගමන්මග ගැන කියන්න තියෙන්නේ.

 

දැන් වෘත්තිය නිරූපණයද?

ඔව්, දැන් නිරූපිකාවක් වශයෙන් ක්ෂේත්‍රයේ ඉන්නවා.

 

දැනට දායක වූ වැඩකටයුතු පිළිබඳව කිව්වොත්?

මියුසික් වීඩියෝ සඳහා දායක වෙලා තියෙනවා. දැනට එක් ටෙලිනාට්‍යයක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් ඒ සඳහා දායක වෙනවාද කියලා තාම තීරණය කරලා නැහැ.

 

වෘත්තීය වශයෙන් නිරූපිකාවක් වෙලා ඉදිරියට යන්නද බලාපොරොත්තුව?

ඔව්, හැබැයි මම කවදාවත් නිරූපණ ශිල්පිනියක් වෙන්න හිතුවෙ නැහැ. ඒක මට යම්කිසි හේතුවක් නිසා ලැබෙන්න ඇති කියලා විශ්වාස කරනවා. ලංකාවේ නිරූපණ ශිල්පිනියන් ඕන තරම් ඉන්නවා. නමුත් දක්ෂතා තියෙන, වටිනාකමක් දෙන්න පුළුවන් නිරූපණ ශිල්පිනියන් අඩුයි. ෆේස්බුක් එක බැලුවහම කාට වුණත් බලාගන්න පුළුවන්නේ. මට ඕනේ ලංකාවේ "සුපර් මොඩල්" කෙනෙක් වෙන්න තමයි.

 

ගොඩක් දෙනාට නිරූපණයට එන්න අවස්ථාව ලැබෙන්නේ මේ ෆේස්බුක් හින්දද?

ඊට වඩා දෙයක් තියෙනවා කියලා හිතනවා. මොකද බොහෝ හිතනවා නිරූපණය කියන දේ ලේසියි කියලා. ඒ නිසා මේ පිළිබඳව කිසිම හැදෑරීමකින් තොරව ඉන්නවා. ෆෙස්බුක් එකේ බැලුවහම නිරූපිකාවන් කොච්චර ඉන්නවාද කියලා ඕන කෙනෙක්ට බලාගන්න පුළුවන්.

 

ලංකාවේ අද නිරූපණ ක්ෂේත්‍රයට කිසියම් ප්‍රමිතියක් නැහැ කියලද කියන්නේ?

ප්‍රමිතියක් නැහැ කියලා කියන්න බැහැ. නමුත් නිරූපණ ක්ෂේත්‍රයට එන මම හෝ වේවා, ඒ පිළිබඳව යම්කිසි හැදෑරීමක් කරන්න ඕනා. අද ක්ෂේත්‍රය තුළ ගොඩක් නිරූපිකාවන් ඉන්නේ %Bridal^ කරන අයයි. නමුත් මට ඕනේ "Fashion Model" කෙනෙක් වෙන්න. මම හිතන්නේ නිරූපණයට ගොඩක් අය එන්නේ හැමෝටම තියෙන ආසාව නිසයි. මම කියන්නේ තමුන්ට මේ පිළිබඳ යම්කිසි හැඟීමක් සහ දක්ෂතාවක් තිබෙනවා නම් පමණක් මේ සඳහා දායක වෙන එක හොඳයි කියලා.

 

නිරූපිකාවන් වැඩිවුණාමත් ක්ෂේත්‍රයේ යම් බිඳවැටීමක් ඇති වෙන්නේ නැද්ද?

ඔව් ඉතිං, නිරූපිකාවන් වැඩි වුණාම "සුපර් මොඩල්" කියලා හඳුනන කොට්ඨාසයක් ලංකාවෙ බිහිවෙලා ඉන්නවානේ. ඉතිං මේ අයව අර අය නිසා ඉක්මනින් පහතට වැටෙනවා. නිරූපිකාවන් ගොඩක් ඉන්න ඉන්න, අර "සුපර් මොඩල්" කියන අයගේ ගුණාත්මකභාවය අඩුවෙනවා.

 

"සුපර් මොඩල්ස්"ලා නිසා ගොඩක් අය නිරූපණයට ඉහළ පිළිගැනීමක් ලබාදුන්නා, අද එහෙම නැද්ද?

මෙහෙම වෙන්න හේතුව විදිහට මම දකින්නේ ලංකාවේ බිහිවෙලා ඉන්න නිරූපිකාවන් ප්‍රමාණය වැඩි නිසා වෙන්න ඇති. අද ලංකාවෙ නිරූපිකාවන් ගැන බලන්න ගොඩක් අය භාවිතා කරන්නේ ෆේස්බුක් එකනේ. හැදෑරීමකින් තොරව බිහිවන නිරූපිකාවන් නිසා නිරූපණ ක්ෂේත්‍රයට බොහෝ සේවයක් කරපු, නිරූපණයෙන් ඉහළ තැන් දිනාගත් අයට වෙන්නේ ලොකු අසාධාරණයක්. අද බැලුවොත් මිස් ශ්‍රී ලංකා හෝ කිසිම තරගයක් සඳහා දායක වෙලා නැති නිරූපිකාවන් ගොඩක් ඉන්නවා. තමන්ට නිරූපිකාවක් වෙන්න ඕනේ නම්, ඒ පිළිබඳව හදාරලා, හොඳ පැජන්ට් එකකට ගිහිල්ලා ඒකෙ හොඳ නමක් අරගෙන ක්ෂේත්‍රයට එනවා නම් ගොඩක් හොඳයි කියලා හිතනවා.

 

ඡායාරූපයක් ෆේස්බුක් දැමූ පළියට නිරූපිකාවක් වෙන්නෙ නැහැ කියලද කියන්නේ?

ඔව් අනිවාර්යයෙන්. මොකද අද ලංකාවේ ඉහළ වටිනාකමක් දෙන්න පුළුවන් නිරූපිකාවන් ඉන්නවා. ඒ අයගේ ඡායාරූප සඳහා හොඳ වටිනාකමක් දෙන්න පුළුවන්කමක් ඔවුන් හදාගෙන තියෙනවා කියලා කියන්න පුළුවන්.

 

ක්ෂේත්‍රයට එන්න අතදුන් අය ගැන කිව්වොත්?

මම අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනා මහරගම තරුණ සේවා සභාව. රොසෑන් ඩයස් මහත්මියව. එයාගේ යටතේ තමයි මම නිරූපණය පිළිබඳව හදාරන්නේ. ඊට පස්සේ සිරස ආයතනය. මගේ අම්මා, තාත්තා ඇතුළුව මගේ නෑදෑයෝ, යාළුවෝ ඒ හැමෝම මට උදව් කරා. ඒ අයට ගොඩක් ස්තූතිවන්න වෙනවා. මට අද ගොඩක් සතුටු කාරණාවක් තමයි සිරස කුමරිය තරගයේ 4000 ක් අතරින් ලංකාවේ තුන්වැනියා වීමට අවස්ථාව ලැබුණු එක ගැන. ඉදිරියේදීත් හොඳ තරගවලට යන්න බලාපොරොත්තු වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක

Hair & Makeup By - Yadu Rana

 

2016-05-12-ent-45   
2016-05-12-ent-48
2016-05-12-ent-49
2016-05-12-ent-50
2016-05-12-ent-51
2016-05-12-ent-52
 



අදහස් (0)

'සිරස කුමරිය' ඔස්සේ ඔබ හැඳිනගත් 'චේතනා'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site