
( අමිල චින්තක ගමගේ )
දිවයින පුරා පිහිටි සර්ව ආගමික සිද්ධස්ථානයන්හි පියසි මත නොමිලේ සූර්යපැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් බලශක්ති අමාත්‍යාංශය මඟින් ආරම්භ කර තිබේ.
ඒ අනුව ඉන්දීය රජයේ ඩොලර් මිලියන 17 ක මූල්‍ය සහයෝගයක් සමගින් විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සර්ව ආගමික සිද්ධස්ථාන පියැසි මත සූර්ය බල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය මඟින් දිවයින පුරා විසිරී පවතින පන්සල්, පිරිවෙන්, දේවස්ථාන, මුස්ලිම් පල්ලි හා හින්දු කෝවිල් යනාදී සියලුම සර්ව ආගමික සිද්ධස්ථාන ආවරණය කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි.
මෙහි පළමු අදියර යටතේ 2025 වර්ෂය මුල්භාගය වන විට ආගමික සිද්ධස්ථාන 5000 ක් ආවරණය කිරීමට අපේක්ෂා කරනු ලබන අතර එම ආගමික ස්ථානයන්හි පියැසි මත මෙම කිලෝවොට් පහක (5 kW) ධාරිතාවක් සහිත සූර්ය පැනල කට්ටල සවි කිරීමට අපේක්ෂිතය.
මෙමඟින් ආගමික සිද්ධස්ථානයන්හි විදුලිබිල අවම කිරීමට කටයුතු කරන අතර ආගමික සිද්ධස්ථානයේ විදුලි පරිභෝජනයෙන් පසු ඉතිරිවන විදුලි ඒකක ප්‍රමාණය ජාතික විදුලිබල පද්ධතියට එකතු කෙරේ.
මූලික අදියර යටතේ ස්ථාපිත කිරීමට නියමිත මෙම සූර්ය විදුලිබල පද්ධති පන්දහස තුළින් මාසිකව එක් සූර්ය විදුලිපැනල පද්ධතියකින් විදුලි ඒකක 500 – 600 අතර ඒකක ප්‍රමාණයක් ජනනය කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සර්ව ආගමික ස්ථානවලට නොමිලේ සූර්යපැනල
mirmitha Monday, 28 October 2024 10:41 AM
පුදුමාකාර, කට්ට කයිරාටික ජාතියක්. ගිලන් රථ, පන්සල් භාවිත කරලා හදවතට ඇනල මොළේ දුර්වල කරනවා. ලංකාව තමන්ගේ සැටලයිට් රටක් කරගන්න ඕනෑම කපටි වැඩක් කරනවා.
kushanMonday, 28 October 2024 11:11 AM
ඕනෑම හොඳ වැඩක් කරන්න යනකොටම කට්ටිය ඕකට අකුල් හෙලනවා. 119 ගිලන් රථ සේවාව ලන්කාවට් හදුන්වා දීමට සැරිසරන විට වර්තමානයේ ආණ්ඩුවේ ඉන්න උදවිය විශේෂයෙන් ,අනුර කුමාර, ලාල් කාන්තා වසන්ත සමරසිංහ , පොළොවේ පස් කන්න හැදුවා , ඉන්දියානු රියදුරු හා හෙදියෝ එනවා ලංකාවේ ආරක්ෂාවට තරජනයි කියල . අද එම සේවාව නිසා මිනිස් ජීවිත කී දාහක් නම් බේරෙන්වාද? ඒ නිසා හොඳ දෙයක් කරන්න යනකොට ඔය වගේ අසුබ ලෙස හිතන එක නතර කරන්න. අපේ රටේ වෘත්තිකයින් දැන ගන්න ඕන ඕවා නිසි ලෙස ස්ථාපිත කිරීමට හා නඩත්තු කිරීමට. මොන රටකටවත් යටත් නොවී..
සෙනෙවිරත්න Monday, 28 October 2024 12:05 PM
දැන් මොකද ඉතින් වෙලා තියෙන්නේ?
Pradeep Kumara Monday, 28 October 2024 11:26 AM
ඒ වගේම 5 KW සූර්ය බල පද්ධති පෞද්ගලිකව නිවාසවල සවිකර ගැනීමට කැමැති අය සඳහා බදු සහනයක් ලබාදීමේ වැඩ සටහනකුත් ගේන්න..
සෙනෙවිරත්න Monday, 28 October 2024 12:05 PM
සමහරු හිතුවේ පන්සල්වලට යන්නවත් බැරිවෙයි කියලා...