IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සේරුවිල වැඩ බලන්න කොටපොළ අමරකිත්ති හිමි

අමරපුර කල්‍යාණී වංශ නිකායේ මහානාහිමි දොඩම්පහළ චන්ද්‍රසිරි හිමි එතෙර සිට ශ්‍රී ලංකාවට වැඩම කරන තුරු කොටපොළ අමරකිත්ති හිමියන් සේරුවිල මංගල රජමහාවිහාරයේ තාවකාලික විහාරාධිපති පදවියට පත් කිරීමට සේරුවිලට රැස් වූ අමරපුර කල්‍යාණී වංශ නිකායේ කාරක සංඝ සභාව අද (08) තීරණය කළේය. පළමුව සේරුවිල සරණකිත්ති හිමියන්ගේ ශිෂ්‍ය හිමිවරුන්ගෙන් විමසා ඒකමතිකව ලැබුණු තීරණය අනූව සංඝ සභාව මෙම තීරණය ගෙන ඇත.

සේරුවිල විහාරාධිපතිව වැඩ විසූ සරණකිත්ති හිමියන්ගේ අපවත් වීමෙන් මෙම පුරප්පාඩුව ඇති විය.

සේරුවිල රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ හා ආගමික කටයුතු වලට වසර කිහිපයක් තිස්සේ දායක වූ මහමෙවුනා අසපු හිමිවරු අද සේරුවිල සියමෙහෙවර හමාර කර යළි මහමෙවුනාව කරා වැඩම කළහ.



අදහස් (15)

සේරුවිල වැඩ බලන්න කොටපොළ අමරකිත්ති හිමි

කුමුදු Monday, 09 May 2016 02:19 AM

සේරුවිල අරක්ගැනීමට මානබැලූ සමහර මිත්‍යාදෘෂ්ඨිකයන්ට ඒ පිළිබඳව කිසිදු අවස්ථාවක් නොදීමට නව විහාරාධිපති ස්වාමින් වහන්සේට ශක්තිය ලැබේවා ! (නි)

:       0       0

චන්දන Monday, 09 May 2016 08:56 AM

ඒ කර වැඩේ හරි.(හේ)

:       0       0

සුගත් Monday, 09 May 2016 03:03 AM

සේරුවිල සෑ රජුන්හට සහ ප්‍රදේශවාසින් හට මහමෙව්නාවෙන් කළ උතුම් මෙහෙවර අගය කළයුතුයි. මහමෙව්නාවට දොස් නොකියා සත්පුරුෂයන්ගේ ක්‍රියා අගයකිරිමට ලාංකික ජනතාවගේ සිත් පැහැදේවා. (නි)

:       0       0

චන්න Sunday, 08 May 2016 02:07 PM

දැන් දැන් අපේ රටෙත් භික්ෂුන් අතර අසමගිය වර්ධනය වෙනවා. විදෙස් රටවලත් මේ තත්වය තිබෙනවා. (නි)

:       0       0

කපිල Sunday, 08 May 2016 02:19 PM

ඉතා යහපත් දක්ෂ හාමුදුරුනමක්. (නි)

:       0       0

අමර Monday, 09 May 2016 06:04 AM

කුමුදු, මිත්‍යාදෘෂ්ඨිය කියන වචනේ තේරුම කියනවද බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියන විදිහට? (බ)

:       0       0

දයානි Sunday, 08 May 2016 02:40 PM

ලංකාදීපයට මහමෙව්නාව වෙනුවෙන් මගෙන් මල්මිටක්, ඇත්ත ඇතිසැටියෙන් පළකළාට! (නි)

:       0       0

සඳරුවන් Sunday, 08 May 2016 02:47 PM

ඔබවහන්සේගේ ශාසනික මෙහෙවරට තව තවත් ශක්තිය ලැබේවා! (නි)

:       0       0

නන්ද Sunday, 08 May 2016 04:33 PM

අමරකිත්ති හිමි ඉතා තැන්පත්, ශ්‍රමණ ආකල්ප වලින් පරිපුර්ණ දක්ෂ යතිවරයෙක්. සේරුවිල විහාරය පෙරටත් වඩා ආලෝකමත් කිරීමට අමරකිත්ති හිමියන්ට හැකියාව ඇති බව කාගේත් විශ්වාසයයි. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 08 May 2016 06:27 PM

අද සමහර භික්ෂූන් බල අරගල ධන අරගල වල පැටලිලා. භික්ෂුන්ගේ කාර්යභාරය කුමක්ද කියා වටහාගැනීම ඉතා වැදගත් (නි)

:       0       0

සඳුන් Sunday, 08 May 2016 06:30 PM

කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ කළ මෙහෙවර අපමණයි. උන්වහන්සේ හෝ මහමෙව්නාව, සේරුවිල භාරකාරත්වය සඳහා උත්සාහ නොකළ බව “MAHAMEVNAWA.LK“ වෙබ් අඩවියේ නිවේදනයෙන් කියවා බලන්න. හිතේ සැක තියන අයටයි එ්ක මම කිව්වේ. (නි)

:       0       0

නිස්සංක බණ්ඩාර උදලාගම Monday, 09 May 2016 01:15 AM

හරිම සතුටුයි. සමහරු කළ විනාශය හිතාගන්න බැරි තරම් දරුණුයි. නව විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේට සියලු ආරක්ෂාව පතමි. (නි)

:       0       0

අදිරි Monday, 09 May 2016 08:07 AM

දැන් විල්ගම් වෙහෙර ප්‍රතිසංස්කරණය ලංකා පටුන පාෂාණ පබ්බත විහාරේ බලාගැනීම කරන්න හමුදාවවත් දාන්න ඕනේ ? විනාශ කරයි ආයිම ? (බ)

:       0       0

නිහාල් දේශප්‍රිය Monday, 09 May 2016 02:01 AM

තෙරුවන් සරණයි! පුදබිම රැකගැනීමට සියලුම ශක්තිය ලැබේවා! (නි)

:       0       0

සඳමාධවී Monday, 09 May 2016 02:01 AM

මහමෙව්නාව වෙබ් අඩවියේ කලින්ම නිවේදනය කරලා තිබුණා නේද ආදාහන පූජෝත්සවය අවසන් වූ විටම සේරුවිලින් ඉවත් වන බව. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site