IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්

( අමදෝරු අමරජීව සහ සුගත් බද්දේගෙදර )

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.

දහවල් එකොළහයි හතළිස්පහට පමණ වන අලියෙකු කඩා වැදී ඇති අතර පාසල් සිසුන් පන්ති කාමර වල රඳවා අලියා ඉවත්ව යන තෙක් සිසුන්ට ආරක්ෂාව සැපයීමට ගුරුවරු යුහුසුළුව කටයුතු කළහ .

 සේරු විලට ජලය පානය කිරීමට පැමිණි  අලි අතර සිටි මෙම තනි අලියා හදිසියේම  ප්‍රධාන දොරටුවෙන් පාසලට ඇතුළු වෙද්දී සිසුන් කෑගසද්දි එම සිසුන් පන්ති කාමරවල රඳවාගෙන  ආරක්ෂාව සැලසූ බව විදුහල්පති රංගන මුතු කුමාරණ මහතා පැවසීය  .

ප්‍රධාන දොරටුවෙන් ඇතුළු අලියා පාසල පිටුපස වැටෙන් කැලයට ගිය බවද විදුහල්පතිවරයා කීවේය.

විදුහලට තාවකාලික විදුලි වැටක් ඇතත් එය නඩත්තු නොකිරීම නිසා අබලන් තත්ත්වය පවතින බවත් මේ හේතුව නිසා මෙම අලි තර්ජන නිරන්තරයෙන්ම පාසලට තිබෙන නිසා සවස් වරුවේ  සිසුන්ට අමතර  ඉගැන්වීම් සිදු කිරිමට නොහැකිව ඇතැයි විදුහල්පතිවරයා කීහ.

 



අදහස් (2)

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්

අරවින්ද මොනරවිල Friday, 27 September 2024 03:39 PM

අලියා වුණත් කමක් නැහැ. සුදුසු පන්තියකට ඇතුළත් කරගන්න තිබුණා.

:       6       9

මංජුල Friday, 27 September 2024 06:20 PM

අලියා එන්නේ කෑම සුවඳට. විශේෂයෙන් පලතුරු සුවඳට. අලිවට තිබුනොත් පලතුරු සුවඳ ආවොත් වැට කඩාගෙන එනවා. දරුවන්ගේ සහ ගුරුභවතුන්ගේ කෑම පෙට්ටිවල මහා පිටතට සුවඳ නොයන පරිදි හොඳින් වසා තබා ගන්න. ඒ වගේම කිසිඳු ආහාරමය අපද්‍රව්‍යයක්පාසල් භූමියේ තබන්න එපා. අත්දැකීමෙන් මම කියන්නේ..!

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site