IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සිරිපා කරුණා කරන්න හැටන් පාරෙන් ලක්ෂයක්

නවම් පෝදා දවල් වන විට අඩු ගණනේ ලක්ෂයට ආසන්න පිරිසක් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණි බව නල්ලතන්නි පොලිසිය කියයි.

වන්දනාකරුවන් රැගෙන ආ වාහන නල්ලතන්නි නගරයේ සිට මස්කෙළිය තෙක් කිලෝමීටර පහක් දිගට වාහන පෝලිම දක්නට ලැබුණු බවත්, රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේ ද මහ පරිස් වන්දනාවේ පැමිණි බවත් පොලිසිය පවසයි.

කාසල්රී හා මාඋස්සාකැලේ ජලාශවලට බැස දිය නොනාන ලෙස නුවරඑළිය මහ දිසාපති ඩීපීජී කුමාරසිරි මහතා වන්දනාකරුව්නගෙන් ඉල්ලයි.



අදහස් (0)

සිරිපා කරුණා කරන්න හැටන් පාරෙන් ලක්ෂයක්

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Friday, 14 February 2014 09:52 PM

හරිම සතුටක් තියෙන්නේ.(නදී)

:       0       0

පද්මපානි Saturday, 15 February 2014 04:59 AM

වත්සලාගේ ඉල්ලීම ඉටු කරන්න අපි නල්ල තන්නියේ කැලෑවකටත් ගිනි දැම්මා. එතොකට ගස් වලට මුවා වෙලා ඔය වැඩේ කරන්න බැහැනේ. ඉතින් දැන් භූමියත් ඉබේටම සකස් උන හින්ද සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව සංචාරක හෝටල් පද්ධතියක් අපි හෙට අනිද්දම හදනවා. එතකොට සුඛෝපභෝගී වැසිකිළියක මුත්‍රා දමන්න විතරක් රුපියල් 100ක් විතර ගෙවන්න වේවි. කාමරේක ගාණ නම් අහන එපා. එක්කෝ දෙවියන් සිහිවේවි නැත්නම් මුත්‍රා බර වේවි.(නදී)

:       0       0

සුමිත්‍ර Friday, 14 February 2014 02:36 PM

සිරිපාදය පුදුම තැනක්.. කොච්චර ඇගට අමාරු වුණත් කරුණා කරන්න පුලුවන්.. කිසි මහන්සියක් නැ.. හරිම සතුටක් තියෙන්නෙ.. මහා පුණ්‍ය භූමියක් ඒක.. මම අහල තියෙනව අතිතයේ ඇලෙක්සැන්ඩර් රජතුමත් සිරිපාදෙට ආව කියල.. නිශ්ශංකමල්ල රජු සිරිපාදෙට ආව වෙලාවෙ මග තිබ්බ ගම් වලට නම් දාගෙන ආවලු.. නාවලපිටිය, ගම්පල, ගෙලිඔය, ගිනිගත්හේන, ලක්ෂපාන, මස්කෙලිය.. ඔහු දාපු නම් කියලයි අහල තියෙන්නෙ.. මේ කරුණා කරන පින්වතුන්ට තුන්සරණේ ආශිර්වාදය වේවා.. හැබැයි කුණු කසල හැම තැන ම දාන්න එපා හොඳේ.. (දී)

:       0       0

ගාමිණී - සිරි Friday, 14 February 2014 02:51 PM

සති අන්තයේ දින තුනක නිවාඩුවක් නිසා සිරිපා කරුණා කරන්නන් තව තවත් වැඩිවෙයි.. රක්ෂිතය නම් දල්වන්න එපා සැදැහැ වතුනේ..... පින් අයිති වෙයි !! .... (දී)

:       0       0

වත්සලා Friday, 14 February 2014 03:50 PM

හදන්නකෝ නියම ටොයිලට් බාත් රූම් එහෙම ටිකක් - ඔය මළ ගඳ පහවෙලා යන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site