නමින් අනුර ඇහැලේපොල වන ඔහු ගායකයෙකු ලෙස කටයුතු කරයි. ක්ෂේත්‍රය තුළ තවත් බොහෝ දේ කරන්නට අපේක්ෂා කරන ඔහු සිය සංගීත ජීවිතය පිළිබඳ අප සමග පැවසීය.
ඔබ අලුතෙන්ම ගීතයක් ඉදිරිපත් කරනවාද?
ඔව්. අලුත්ම ගීතය රූප රචනාවකුත් එක්ක නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා අවුරුදු කාලේ.
ක්ෂේත්‍රයට පැමිණි හැටි මතක් කළොත්?
මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නෙ මිල්ටන් මල්ලවආරච්චි මහත්තයාගෙ ගීත ගායනා කරලා. එතැනින් තමයි ප්‍රසංග වේදිකාවට ආවෙ. මට දැනටත් ගොඩක් උදව් කරන්නේ ජෝර්ජ් සේනානායක. මොකද එයා තමයි මෙච්චර කාලයක් මට උදව් කළේ. මීට අමතරව විජිත් ද සිල්වාගේ ගීතයක වගේම තවත් ගීත කිහිපයකම රූප රචනා සඳහා ඉදිරිපත් වුණා. ඒ වගේම මගේ ගීත කිහිපයකටත් රූප රචනා කරමින් යනවා. මගෙත් ගීතයක් තියෙනවා, "අම්මා" කියලා. ඒකටත්, තවත් අලුත් ගීත දෙකකටත් රූප රචනා කරගෙන යනවා. ඊට අමතරව මේ ත්‍රීපීස් බෑන්ඩ් එකක් කරනවා. "අනූ ඇන්ඩ් ද ක්ලයන්ස්" කියලා තමයි ඒකට කියන්නෙ. ඊට අමතරව ගීත ගායනා කිරීම තමයි මම කරන්නෙ. මම කාලයක් පිටරට හිටියෙ. එහිදී විදේශීය ජනප්‍රිය ගායකයොත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරලත් තියෙනවා. ඒ කියන්නේ මම සමාජශාලාවක වැඩ කළේ. එහිදි මේ අය ගීත ගායනා කරන්න එනවා. ඒ වෙලාවට ඔවුන් එක්ක මම කටයුතු කළා.
සංයුක්ත තැටිය ගැන කිව්වොත්?
දැනට ගීත 10ක් මම ඇතුළත් කරලා තියෙනවා. තවත් ගීතයක් ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. අලුත් සිංදුවකුත් කළා. ඒක කළේ ඩීවීඩී ටෙලිඩ්‍රාමා එකකට. ඒ ගීතය මම ගායනා කළා විතරයි. තාම මට ලැබුණෙත් නෑ. මීට අමතරව තවත් ගීත 4ක් මම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. "සිරිපොද" කියලා තමයි ඒක නම් කළේ. තව ගීතයක් තියෙනවා "සිරිපොද" කියලා. ඒක ඩුවම් එකක්. මංජුලා දිල්රුක්ෂි එක්ක තමයි මම ඒක කළේ. ඒක තමයි මම මුලින්ම කරපු ගීතය.
මගේ සීඩී එක ජාතික ගුවන් විදුලි සංස්ථාවට ගිහින් දීලා තියෙන්නෙ. 28 වැනිදා කට හඬ පරීක්ෂණයකට එන්න කියලා තියෙන්නවා. ඊට අමතරව 28 වැනිදා එෆ්.එම්. එකේ එම ගීතය ගායනා කළා. රිදම් එකේ සජීවී ප්‍රසංගවලට ගිහින් තියෙනවා.
ඔබට උදව් කළ අය මතක් කළොත්?
ගොඩක් මාව දිරිමත් කළේ ජෝර්ජ් සේනානායක, ඊට අමතරව හේමලාල් ගීතදේව, නුවන් ගුණවර්ධන වගේ අයත් ඒ අතර හිටියා. ඒ සියලු දෙනාම මේ මොහොතේ මතක් කර සිටියා.
0770422118
2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
'සිරිපොද' සමග එන අනුර ඇහැලේපොල