
(ටී.කේ.ජී.කපිල)
සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති ජූලියස් මාඩා බීඕ මහතා දෙදින සංචාරයක් සදහා අද දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත් වීමෙන් පසු මෙරටට පැමිණි පළමු විදේශීය ජනාධිපතිවරයා වූ ජුලියස් ජනපති සමග දූත පිරිස ලෙස තවත් 09 දෙනෙක් ද පැමිණ සිටියහ .
ඔවුන් සියරාලියෝන් රාජ්‍යයට අයත් 9 එච්.වී.11 දරන ගුවන් යානයෙන් අද දින පස්වරු 05.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති දෙදින සංචාරයකට දිවයිනට
SIRI Monday, 21 October 2024 03:16 AM
මෙයාට කවුද බුලත් දුන්නේ ?
Perera Monday, 21 October 2024 04:53 AM
siyera liyon කියන්නේ ලෝකයේ සහ අප්‍රිකා මහද්වීපයේ දුප්පත්ම රටක් . අපෙන් ණයක් ඉල්ලන්න එනවාවත්ද ?
Asela Monday, 21 October 2024 07:19 AM
කිසිම සමුළුවක් වත් නැතිව , ආරාධනාවක් වත් නැතිව මෙයා මොකද ලංකාවට ඇවිල්ල තියෙන්නේ ? රනිල් වගේ රජයේ වියදමින් නිකන් ලෝකේ වටේ රවුන් ගහන එක්කෙනක් වගේ
Kazi Shajahan Monday, 21 October 2024 07:39 AM
අනුර ජනාධිපතිතුමා ඔය පොඩි රටවල් වලින් එනවට ඒ කාලේ ජෝක් කළා නේ .අද එයාගේ ආණ්ඩුවට එන පලවෙනි ආගන්තුකයා ඒ වගේ කෙනෙක්
චම් Monday, 21 October 2024 10:33 AM
සියරාලියොන්හි සඟවා ඇති ධනය ලංකාවට ගෙනඒමට කටයුතු කරන්න අතිගරු ජනපතිතුමනි...!
Bunny Preena Wednesday, 23 October 2024 10:04 AM
විදේශ ඇමති ප්‍රකාශ කල විදියට ඔහු නිල සංචාරයකට මෙහි පැමිණ නැහැ .වෙනත් ගමනක් යන අතර තුර " Transit " මගියෙකු හැටියටයි ලංකාවේ ගොඩ බැහැලා තියෙන්නේ