IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි

(ටී.කේ.ජී.කපිල )

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර  ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඊයේ (09 ) රාත්‍රී 08.20 ට කටාර් රාජ්‍යයේ දෝහා බලා පිටත්ව යාමට නියමිත කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 655 දරන ගුවන් යානයට පිවිසීම සදහා මෙම කණ්ඩායමේ පළමු බංගලදේශ ජාතිකයා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

ඔහු සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු සදහා කටාර් ගුවන් සේවා නිලධාරීන් වෙත ඉදිරිපත් කළ ලියකියවිලි අතර තිබූ සර්බිබියානු වීසා බලපත්‍රය පිළිබඳ සැක සිතූ එම නිලධාරීන් , මෙම ගුවන් මගියා , ඔහු විසින් ඉදිරිපත් කළ ලියකියවිලි ද සමග ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

 එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී එම සර්බියානු වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවට තහවුරු වීමත් සමගම ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී , ඔහුට මෙම ගුවන් ගමන සදහා උදව් උපකාර කළ බංගලදේශ ජාතිකයෙකු , කටුනායක ගුවන් තොටුපොළ අමුත්තන්ගේ ශාලාවේ රැදී සිටින බවට කරුණු අනාවරණය වී තිබේ .

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහු අත් අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී , මේ ආකාරයට සර්බියාව බලා ගුවන් ගත වීම සදහා බලාපොරොත්තුවෙන් තවත් බංගලදේශ ජාතිකයන් 06 දෙනෙකු මීගමුව ලැගුම් හළක රැදී සිටින බවට ද තොරතුරු අනාවරණය වී තිබේ .

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් , මෙම බංගලදේශ ජාතිකයන් රැදී සිටි මීගමුව ලැගුම් හළ වටලා එම පිරිස ද අත් අඩංගුවට ගෙන ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .

 

               



අදහස් (0)

සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site