(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂයේ සමහරු වැලිකඩ බන්ධනාගාරේ බලය අල්ලමින් ඉන්නා බවවෙළෙඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
වරින් වර අප වංචා දූෂණ ගැන කරුණු සමාජයට ඉදිරිපත් කළා.වත්කම් බැර කම් ලේඛන වල කරුණු හරියට සඳහන් කළ යුතු බවට මේ නව රෙගුලාසි ඉදිරිපත් වෙනවා.රටේ වංචා දූෂණ හෙළි කර ගැනීම පිළිබඳව ඉකුත් දිනවල අප දැවැන්ත මෙහෙයුමක් කළා.
බොරුවට වැඩිදුර යන්න බෑ.ඒක නිසා තමන්ගෙ දේපොළ වත්කම් හරියට ලබා දෙන්න. පහුගිය දින වල සමහරු සංදර්ශන පැවැත්වූවා.තව එක්කෙනෙක් ජනාධිපතිට දේපොළ තියෙනවා කියල ෂෝ එකක් දාලා දැන් පරීක්ෂණ වලට මුහුණ දෙනවා.බොරු කියමින් යන එක අද විපක්ෂයේ කලාව වෙලා. අප වැඩ කරමින් ඉන්නේ අණ පනත් නීති එක්ක.නීති මදි නම් තව හදනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සමහරු වැලිකඩ බලය අල්ලමින් ඉන්නවා
මාලිමාගැත්තා Wednesday, 04 June 2025 08:08 PM
බොරුවට වැඩිදුර යන්නට බැරි යැයි මෙතුමා කියා ඇත. රටට දැයට සමයට ආදරේ ඇති බයියන්ට එය පෙනෙන්නට ඇතැයි සිතමි. මාලිමා ගැති අය හැර මේ රටේ සිටින අනිත් සියල්ලන් ගොබ්බයින්ය. බොරුව තාම දුවන්නේ කොහොමද යැයි ඒ ගොබ්බයින්ට සිතෙනවා නිසැකයි.
Hemantha Thursday, 05 June 2025 02:36 AM
මේ වගේ කතා කියන්න එපා... ඒක මිනිස්කමට හරි මදි...