IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සමයංගේ ප්‍රධාන වෙඩික්කරු ‘ඉන්ද්‍රා‘ පොලිස් වෙඩි පහරින් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ , කේ.බුද්ධික කුමාරසිරි සහ ඉන්දිකා රාමනායක) 

සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ ඉඳුනිල් වජිර කුමාර  හෙවත් ‘ඉන්ද්‍රා‘ නැමැත්තා පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යාමට තැත්  කිරීමේ දී පොලිස් වෙඩි පහරින් මියගිය බව නවගමුව පොලිසිය කියයි.

හෙරොයින් සමඟ අත්අඩංගුවට පත් වීමෙන් පසු ඉන්ද්‍රා , විසින් ඇඹුල්ගම ප්‍රදේශයේ සඟවා තිබූ ආයුධ තොගයක්  පොලිස් බාරයට ගෙන නැවත ජිප් රථයෙන් පොලිසියට පැමිණෙමින් සිටියදී   සුදු විල  ප්‍රදේශයේදී  ඉන්ද්‍රා අත් මාංචු දමා තිබූ දෑත ජීප් රථයේ කොස්තාපල් රියදුරුගේ ගෙලට දමා තද කිරීමේදී  මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

වෙඩි පහරකින් බරපතල තුවාල ලැබූ සැකකරු නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

පොලිස් ජීප් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් නිලධාරියාද බරපතල තත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කීය.

මෙම සැකකරු ඉකුත් 27 වැනිදා හෙරොයින් ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 150 ක් සමඟ රණාල ප්‍රදේශයේ දී නවගමුව පොලිසිය විසින් කැලණි ගඟ මැද දී කළ විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් අතර පසුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ලබා ගත් රැඳවුම් නියෝග මත තව දුරටත් සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කිරීමේදී සැකකරු රණාල ප්‍රදේශයේ සඟවා තිබූ ෂොටි ගන් වර්ගයේ ගිනි අවියක් , මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් , අත් බෝම්බයක් සහ රම්බෝ වර්ගයේ පිහියක් සොයා ගෙන සැකකරු නැවත පොලිස් ස්ථානය වෙත රැගෙන එන අතරතුර මෙම සිද්ධිය සිදුවී ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් හා නවගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පරීක්ෂණ සිදු කළ අතර අද (29) දින මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.

මිය ගිය ‘ඉන්ද්‍රා නමැත්තා මිනීමැරුම්, මංකොල්ලකෑම්, ඝාතනයට තැත් කිරීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බව පොලිසිය පවසයි.

ඡායාරූප - (කේ.බුද්ධික කුමාරසිරි)

=======================================================================================

 



අදහස් (16)

සමයංගේ ප්‍රධාන වෙඩික්කරු ‘ඉන්ද්‍රා‘ පොලිස් වෙඩි පහරින් මරුට

Bamunuarachchi Saturday, 29 August 2020 04:41 AM

අපිට 2/3ක බලයක් දුන්නා. කවුරු කවුරුත් පරිස්සම් වෙන්න. කටමැත දොඩවන්න එපා. රට සුද්ද කරන්නම්... රට සුද්ද කරන්න හිට්ලර් නොවේ... ස්ටාර්ලින් ආවත් කමක් නැහැ.

:       0       0

Raveendra Saturday, 29 August 2020 04:53 AM

සාමකාමී සමාජයක් වෙනුවෙන් මෙවන් භයානක පිලිලයන් විනාශකර පුළුස්සා දැමීම කළයුතුමයි. එබැවින් සමාජයේ දියුණුව වෙනුවෙන් කැපවී තම රාජකාරිය නිසිලෙස වගකීම් සහිතව ඉටුකරන මෙවන් නිලධාරීන්ට යහපතක්ම වේවා..!!! අප සැමවිටම අසන පැනයක් ඇත. එය අදත් මෙසේ අසන බැවින් ඒ පිළිබඳව නිවැරදි පිළිතුරු දන්නා කෙනෙකු සිටියි නම් අපව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. ඇයි මෙවන් සමාජ විරෝධීන්ගේ පැහැදිලි ඡායරූප සමාජයේ දනුගැනුම පිණිස පලකිරීමෙන් වළකින්නේ? එහි නීතිමය බාධාවක් තිබේද? අප මෙසේ යෝජනා කරන්නෙමු. කිසියම් හෝ කෙනෙකු සමාජවිරෝධී ක්‍රියාවක් කරේ නම් සියලුම මාධ්‍යයන් එවන්නන්ගේ නම්, ගම්, ලිපිනයන් සහිතව පැහැදිලි ඡායරූප පළකිරීමෙන් එවන් තිරිසනුන්ට මානසික දඬුවමක් ලැබෙනවා නේද? එමගින් මෙවන් නීති විරෝධී ක්‍රියාවන් වලට පෙළඹවීම යම්තාක් දුරට හෝ අඩුවෙනවා නොවේද? මම මේවා කරොත් මගේ පවුලේ කෙනෙකුටවත් පාරේ යන්න බැරිවෙනවා යන සිතුවිල්ල ඕනෑම කෙනෙකුට ඇති වෙනවා නොවේද?

:       0       0

Gems Saturday, 29 August 2020 05:18 AM

අවි ගත්තෝ අවියෙන්ම නැසේ...

:       10       122

XYZSaturday, 29 August 2020 01:09 PM

වැරදිකරුවන් (කුඩු මුදලාලිලා, මිනීමරුවන් ) හට දඬුවම් දීම කළයුතුමයි. එය කළයුතු ක්‍රියාමාර්ගද නීතියේ පැහැදිලිවම දක්වා ඇත. මිනීමරුවන්ගේ මනස විකෘති වී තිබුණද පොලිසියේ මැරයන් අත්අඩංගුවට ගන්න නිලධාරින්ගේ මනස යහපත් විය යුතුවේ. ආයුධ පෙන්වීමට ගොස් පොලිසියට ප්‍රහාරයක් එල්ල කිරීම නිසා පොලිසිය ආරක්ෂාව තකා වෙඩිතබන ලදී. මෙය පළමු සිදුවීම නොවේ. පොලිසිය මෙවැනි අපරාධ කරුවන්ගේ අයුධ සොයාගැනීමට ඔවුන් සමග යන්නේ රාත්‍රියේ හෝ අලුයම් කාලය තෝරා ගන්නේ මන්ද?. දිවා කාලයේ මෙවැනි මෙහෙයුම් සඳහා නොයන්නේ මන්ද? නීතිය නිසි ආකාරයට ක්‍රියාත්මක වන්නේ නම් මෙවැනි සමාජය විශ්වාස කළනොහැකි දඬුවම් ලබාදෙන්නේ මන්ද? වැරදි කරුවකු නිසි ආකාරයට පොලිසියට පාලනය කළ නොහැකි නම් එම වරද ඇත්තේ පොලිසියේ නිලධාරීන්ගේ නොහැකියාව සහ නිසි පුහුණුවක් නොලැබූ බව නොවේද? පොලිසිය කියන ආකාරයට පිටුපස අසුනේ සිටි සමයන්ගේ ගෝලයා පොලිස් රියදුරුගේ ගෙලසිර කිරීමට උත්සාහ කළබව කියන නමුත් වීඩියෝ වලින් පෙනීයන්නේ ගෝලයා සිට ඇත්තේ රියදුරුට පිටුපස අසුනේ නොව පිටුපස වම්පස අසුනේ බව ලේ පල්ලම් වලින් තහවුරු වේ. මෙවැනි කියුම් සහ කෙරුම් සිදුවන්නේ අපේ ලංකාවේම පමණි.

:       0       0

විජේ Saturday, 29 August 2020 05:57 AM

දැන් ඉතිං බල්ලො එහෙම බුරන්නත් පටන්ගනී, හඳ බලාගෙන.

:       8       231

RaveendraSaturday, 29 August 2020 08:40 AM

විජේ මයා වෙත, අප තරයේ විශ්වාස කරනවා ඔබ අදහස් කළේ අර හිමිකම්, මේ හිමිකම් ගැන කෑමොර දෙන්න තාවකාලික ටකරන් මඩු අටෝගන්න "ඩොලර් වෙනුවෙන්ම" තමන් උපන් රට පාවාදෙමින් කෑමොරදෙන NGO කාරයින්ට කඩේ යන අපේ සමහරක් දේශපාලකයන් පිළිබඳව නොවේද?

:       17       131

Lakmal Saturday, 29 August 2020 07:17 AM

ඔය සොක්කන්ව මැරුවා කියලා පාතාලය ඉවර වෙන්නෑ. ආරක්ෂක ලේකම්වෙලා ඉද්දීත් ඔය සෙල්ලම කළානේ... කෝ පාතාලය ඉවර වුණාද? මේකෙන් වෙන්නේ පොලිසියට මිනිස්සු වෙඩි තියලා මරන්ඩ බය නැති වෙන එක...

:       516       212

nihalSaturday, 29 August 2020 01:55 PM

ඔබ නිවැරදි වෙන්න පුළුවන්... ඒත් මේ වගේ තේරුමක් නැති කාලකන්නි පිලිල මැරිලා යද්දි සතුටක් දැනෙනවා.

:       0       0

Asanga Saturday, 29 August 2020 07:44 AM

අති විශිෂ්ඨයි.

:       2       30

pradeepa Saturday, 29 August 2020 08:20 AM

සැකකරුවෙක් පරිස්සම් කරගන්න බැරි පොලිසියක්නේ ඉන්නේ. හැමදා කුමන හෝ හේතුවකින් සැකකරු මැරෙනවා. මේක අපේ රටට හොඳ නැහැ. මානව හිමිකම් ප්‍රශ්න එනවා.

:       418       11

Athula kSaturday, 29 August 2020 03:03 PM

මොවුන් විසින් මරාදාන අයගේ මානව හිමිකම් කෝ?

:       0       0

kumaSaturday, 29 August 2020 03:34 PM

මෙයාලා හිරේට දාලා හිරේ ඉඳන් කුඩු බිස්නස් කරද්දී නැසෙන ජීවිත, කාලකන්නි වෙන දරුපවුල් ගැන මානව හිමිකම් ප්‍රශ්න එන්නේ නැද්ද?. මේ වගේ දේවල්වලට ශෝක වෙන අය වටෙන් හරි ඔය කර්මාන්තයට සම්බන්ධ අය...

:       0       0

Nimal Saturday, 29 August 2020 08:46 AM

පලායාමට උත්සාහකළ ඉන්ද්‍රාට අපගේ ස්තුතිය... අනෙක් ගෝලයෝත් ඔහුව ආදර්ශයට ගනිත්වා.., අපේ මහජන මුදල් වලින් පින්බත් කන්න හිතාගන්නේ නැතිව...

:       3       327

sam Saturday, 29 August 2020 09:02 AM

මේ වගේ පාතාලයින්ට ලැබිය යුතු දඬුවම හරියටම ලැබෙමින් පවතිනවා. ඉතාමත්ම හොඳ වැඩක්..

:       42       236

ලුම්බිණි Saturday, 29 August 2020 09:22 AM

යුගයක වෙනස...

:       3       120

Darshana Saturday, 29 August 2020 02:25 PM

මෙන්න මේ වගේ චණ්ඩි තමයි ඔය පාතාලේ කියාගෙන රටම බයකරන් ඉන්නේ... තුවක්කු සහ පිරිස් බලය නැතිනම් පොලිස් කාන්තාවකට වුවද මෙල්ල කළ හැකියි. මොවුන්ව ලොකු චරිත කරලා තියෙන්නේ මේ අයගෙන් වැඩගන්න දේශපාලුවන්ය. මෙයාගේ මූණ පෙන්නුවට ලංකාදීපය‘ට ස්තුතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 473 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2222 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site