IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සම්මාදම්කරු පැන යයි

වසර පහකට පෙර සාර්ථක කර්ණසංඛ බද්ධයකට ලක්වී පාසල් ද යන දැරියක වෙනුවෙන් සල්ලි ගරන කුට ව්‍යාපාරයක් දඹුල්ලේ බසයකදී සොයා ගත් නමුත් එම දරුවාට කිසිම සම්බන්ධයක් නැති සම්මාදම්කරු සෑහෙන මුදලක් එකතු කරගෙන පැන ගිය බව කියති.

ගලේවෙල,දේවහුව,බුලන වැව, 4 කණුව හි පදිංචි ඩබ්ලිව්.ජි.උපුල් චමින්ද මහතාගේ හා  ආර්.සී.එන්.පෙරේරා රූපසිංහ මහත්මියගේ අවුරුද්දයි මාස 10 ක් පමණ වයසැති දියණිය වන ඩබ්ලිව් ජි නෙත්සි තරින්‍යයාට එම සැත්කම සාර්ථකව නිම කළ බව ලංකාදිපය සොයා ගත්තේය.

සම්මාදම් කරන පුද්ගලයා පෙරදින (05) කොටුව - මොරටුව (101) බසයකට නැඟ රුපියල් පනහක්  මුද්‍රිත ටිකට්පත් බෙදා දුන්නේය. දරුවාත් මවත් පියාත් එම ලිපිනයේ පදිංචිව සිටින බව සම්මාදම්කරු පැවසු නමුත් එහි ගිය ලංකාදිප මාධ්‍යවේදී පැවසුවේ ඔවුන් වසර පහකට පෙර පදිංචිය වෙනස් කැර ඇති බවයි.  ඔවුන්ගේ ඥාතින් පිරිසක් මේවන විට එම නිවසේ පදිංචිව සිටිති. ටිකට්පතේ තිබු දුරකථන අංකය ද වැරදි බව කියති.

මෙවැනි වංචා වලට  හසු නොවන ලෙස පොලිසිය මහජනයාට උපදෙස් දෙයි.

IMG_171

 



අදහස් (0)

සම්මාදම්කරු පැන යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site