ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් රට සංවර්ධනය කිරීම රජයේ අරමුණ බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා හම්බන්තොට රුහුණු මාගම්පුර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති විරුසර කාඩ්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින් පැවසීය.
දේශපාලඥයන් කිහිප දෙනකු සුළු සිදුවීම් බරපතල ගැටළු ලෙස පෙන්වා දෙමින් රටේ ගොඩනැගෙන සහජීවනය විනාශ කිරීමේ වැඩපිළිවෙළක නිරතව ඇති බවත්එම උත්සාහයන්ගේ අරමුණ රට අස්ථාවර කිරීම බවත් රාජ්‍ය ඇමැති කීවේය.
‘1960 කාල පරිච්ඡේදයේදී සිංගප්පූරුව උත්සාහ කළේ ශ්‍රී ලංකාව වගේ දියුණු වෙන්න. නමුත් අද සිංගප්පූරුව ඉතා දියුණු තැනක සිටින්නේ. 1980 න් පසු ආරම්භවූ ත්‍රස්තවාදී ගැටුම් නිසා රටක් විදියට අපට දියුණුව හා සංවර්ධනය මග හැරුණා. රට තුළ සමගිය නැතිවුවහොත් විවිධ ගැටුම් ඇතිවනවා. බෙදී වෙන්වී වැඩ කිරීමෙන් රටක් ඉදිරියට යන්නේ නෑ. අපි එය තේරුම් ගත යුතුයි. ශ්‍රී ලාංකිකයන් ලෙස සමගියෙන් රට ඉදිරියට ගෙන යාමේ කටයුතුවලට සියලු දෙනා දායක විය යුතුයි‘ යැයිද විජයවර්ධන මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
98
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘සමගියෙන් රට ඉදිරියට ගෙන යමු‘
රොහාන් මිගමුව Sunday, 01 May 2016 08:28 AM
නැගී සිටිය හැක එක්සත්ව් බෙදී ගියොත් රට යාවේ සුන්වී. (ර)