(මුදිතා දයානන්ද )
ලොතරැයි පතක් මුද්‍රණයට අය කරන ගාස්තුව ශත 49 සිට 44 දක්වා අඩු කිරිමට අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතියකින් තොරව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කටයුතු කිරිම නිසා සංස්ථාවට 2021 වසරේදි රුපියල් කෝටියකට අධික ආදායමක් අහිමිව ඇතැයි විගණනන වාර්තාවකින් අනාවරණය වේ.
එම වාර්තාවට අනුව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වලින් අය විය යුතු රුපියල් කෝටි 75කට අධික හිග මුදලක් වසර ගණනාවක සිට ලැබී නැත.
මෙම හිගය තුළ රාජ්‍ය ආයතන හතරකින් අය විය යුතු රුපියල් කෝටි හයකට අධික මුදලක් ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.
අධ්‍යාපන අමාත්‍යංශය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ජාතික කඩදාසි සමාගම වසර පහකට අධික කාලයක් කස්සේ එසේ හිග මුදල් ගෙවා නැති ආයතන අතර වන බවද එම වාර්තාවේ සඳහන්වේ.
මෙම තොරතුරු ඇතුළත් වන්නේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට සකස් කළ විගණන වාර්තාවකය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සභාපතිගේ හිතුමතේ වැඩෙන් කෝටියක පාඩුවක්