ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිගේ කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරග දෙකින් පළමු වැනි තරගයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩල පිල මෙහෙයවීමේ වගකීම ටෙස්ට් කඩුලූ රකින්නා වන ප‍්‍රසන්න ජයවර්ධනට පැවරී තිබේ. මෙම තරගය හෙට (15 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී ආරම්භ වෙයි.
තුවාල ලැබීම නිසා මාස පහක පමණ කාලයක් ටෙස්ට් පිලෙන් ඉවත්ව ප‍්‍රතිකාර ලැබූ ප‍්‍රසන්න ජයවර්ධන පසුගිය නොවැම්බර් මාසයේදී පාකිස්තානු පිලට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ටෙස්ට් තරගයකදී ලකුණු 120 ක් ලබාගනිමින් ශී‍්‍ර ලංකා පිල පරාජයෙන් ගලවාගත්තේය.
මේ මස 29 වැනිදා සිට එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි තුන්දින තරගයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිගේ පිල මෙහෙයවීමේ වගකීම ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ නායක තිළිණ කණ්ඩම්බිට පැවරී තිබේ.
පළමු තුන්දින තරගය සඳහා වන කණ්ඩායම
ප‍්‍රසන්න ජයවර්ධන (නායක), දිමුත් කරුණාරත්න (උප නායක), භානුක රාජපක්‍ෂ, රොෂේන් සිල්වා, සචිත‍්‍ර සේරසිංහ, මාලිංග බණ්ඩාර, ඩිල්රුවන් පෙරේරා, ටිරෝන් ගමගේ, නිලන්ක පේ‍්‍රමරත්න, කනිෂ්ක ඇල්විටිගල සහ අශාන් සිල්වා.
දෙවැනි තුන්දින තරගය සඳහා වන කණ්ඩායම
තිළිණ කණ්ඩම්බි (නායක), චාමර සිල්වා (උප නායක), මලින්ද වර්ණපුර, ඩිල්ෂාන් මුණවිර, ඇන්ජලෝ පෙරේරා, කුසල් ජනිත්, සජීව විරකෝන්, කෞෂල්‍ය ලොකුඅරච්චි, තරංග ලක්‍ෂිත, විශ්ව ප‍්‍රනාන්දු සහ ඉසුරු උදාන
2025 නොවැම්බර් මස 04
739
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සභාපතිගේ කණ්ඩායම් මෙහෙයවීම ප‍්‍රසන්න - කණ්ඩම්බි දෙදෙනාට පවරයි