IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සෝභිත හිමි මරණයට හේතු සොයන්න පංච පුද්ගල කමිටුවක්

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් නොකළ හේතු ඇතුළත් වාර්තාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් ඇතුළු වෛද්‍යවරුන් 5 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇතැයි අද උසාවියේදී සඳහන් විය.

සෝභිත හිමියන්ගේ මරණය සැක සහිත බව කියමින් ඇලන්මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමි පොලිස්පතිට කළ පැමිණිල්ල අනුව රහස් පොලිසිය පරීක්ෂණ බාර ගත්තේය.

අද පැමිණිල්ල කැඳවුණු අවස්ථාවේ මහේස්ත්‍රාත් පිලිපිටිය මහතා ප්‍රශ්න කළේ පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපැවැත්වූයේ ඇයිද යනුවෙනි. රහස් පොලිසිය පැවසූයේ ඒ සම්බන්ධයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කළ බවයි. 



අදහස් (0)

සෝභිත හිමි මරණයට හේතු සොයන්න පංච පුද්ගල කමිටුවක්

සත්‍යයා Tuesday, 10 May 2016 08:48 PM

අපේ රටේදි කලකදී විත්තිකාරයො ඊළඟ දිනයේදී පැමිණිලිකාරයෝ වෙන වෙලවලුත් තිබෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site