අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4,670 කදී අඟහරුවාදා (8) සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 6,67,715 දෙනෙකු පෙනී සිටින අතර ඉන් 4,03,444 දෙනෙක් පාසල් අයදුම්කරුවන් වන අතර 2,61,271 දෙනෙක් පෞද්ගලික අයදුම්කරුවන් බව විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා පැවසීය.
මෙවර විභාගය සඳහා ඉතිහාසයේ වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාවක් පෙනී සිටින බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.
විභාග කටයුතු වෙනුවෙන් දිවයින පුරා 40,000ක පමණ කාර්ය මණ්ඩලයක් යොදවා තිබෙන බවත් දිනපතා පෙරවරු 8.30ට විභාගය ආරම්භ වන අතර අයදුම්කරුවන් විභාග ප‍්‍රවේශ පත‍්‍රය, ජාතික හැදුනුම්පත ආදිය රැගෙන පෙරවරු 8.00 පමණ වන විට විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ සිටිය යුතු බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග ශාලාවන් තුළ විභාග වංචා ආදිය සිදුවන්නේ නම් ඒවා දැනුම් දිය හැකි පැය 24 පුරා ක‍්‍රියාත්මක දුරකථන අංකයන් ද විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශයට පත් කර ඇත.
එවැනි පැමිණිලි වේ නම් 1911 ( විභාග දෙපාර්තමේන්තුවේ ක්‍ෂණික ඇමතුම් අංකය), 011 2784208, 011 2784537, 011 3188350, 0113140314 (පාසල් විභාග සංවිධාන ශාඛාව), 011 2421111 (පොලිස් මූලස්ථානය), 119 (පොලිස් හදිසි ඇමතුම් අංශය) යන දුරකථන අංකයන්ට ලබා දිය හැක.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සා/පෙළ හෙට සිට
අශෝක Tuesday, 08 December 2015 06:42 AM
විභාගයට පෙනීසිටින දරුවන්ට අපෙන් සුබ පැතුම්! (නි)