(ඉන්දික අරුණ කුමාර)
11 වසර ශ්‍රේණියේ සිසුනට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන අපොස සාමාන්‍ය පෙළ පෙරහුුරු විභාගයට අදාල විෂයන් කීපයක ප්‍රශ්න පත්‍ර කල්තියා නිකුත්ව ඇතැයි ලංකා ගුරුසේවා සංගමයේ මධ්‍යම පළාත් ලේකම් ගමගෙදර දිසානායක මහතා පවසයි.
අපොස සාමාන්‍ය පෙළ පෙරහුරු පරීක්ෂණයට අදාල සිංහල,ගණිතය සහ ඉංග්‍රීසි විෂයන්ට අදාල ප්‍රශ්න පත්‍රය මේ වන විට පිටවී ඇතැයි ද ඔහු පවසයි.
ඉංග්‍රීසි,ගණිතය සහ සිංහල
මේ මගින් මධ්‍යම පළාතේ එම ශ්‍රේණින්හි ඉගෙනුම ලබන දරුවන් විශාල පිරිසකට අසාධාරණයක් සිදුවනවා.
මෙවන් තීරණාත්මක විභාගයකදි පවා රහස්‍ය භාවය ආරක්ෂා කළ නොහැකි නම් පළාතේ අධ්‍යාපනයේ තත්වය පිළිබඳ සැකසංකා මතුවීම නොවැළැක්විය හැකි තත්ත්වයක් ද බව ද හෙතෙම කියා සිටියේය.
මේ පිළිබඳ කඩිනමින් මැදිහත් වීමක් සිදුකොට අදාල බලධාරීන් දරුවන්ට සිදුවන අපහසුතාවය මගහැරවිමට කටයුතු කළ යුතු බව ද ඔහු පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සාපෙළ පෙරහුරු විභාගය ප්‍රශ්ණ පත්‍ර කලින් පිටවෙලා
Wimal Monday, 13 March 2023 05:47 AM
ලෙඩාගෙ අම්මගෙන් මයි පේන අහන්නෙ.අධ්‍යාපනයේ තියෙන අර්බූදය මේ කවුරුවත්ම ගණන්ගන්නෙ නැතිව ගැට පැලැස්තර දමමින් අපි අපිවම රවටාගනිමින් යනවා ...
Sunil Monday, 13 March 2023 09:05 AM
හොරාගේ අම්මාගෙන් පේන අහනවද ?ප්‍රශ්න පත්‍ර කලින් පිටවූවත් ,එම ප්‍රශ්න පත්‍රම යොදා ගෙන විභාහගයත් පැවැත්වෙනවා