මැයි දිනයේ දකුණු අධිවේගී මාර්ගයේ වාහන 61583 ක් නොමිලේ ගමන් කළ බවත් ඉන් 3000 ක්ම මැයි දිනයට ගිය අය බවත් අධිවේගී මාර්ග අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා කියයි.
කටුනායක අධිවේගී මාර්ගයේ එදින වාහන 22000ක් ද ගමන් කර ඇත.
එදින අනතුරු 8 ක්ද කාර්මික දෝෂ 80 ක්ද වාර්තා විය. බස් 2 ට ගල් ගැසීම් ගැන ද පැමිණිලි ලැබී ඇත. අධිවේගී මාර්ග පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ආරක්ෂාව සැලසීය.
2025 දෙසැම්බර් මස 30
104
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සුපිරි දෙමඟේ මැයි දා වාහන 85000 ක්
ජගත් Monday, 02 May 2016 07:50 PM
මේ මාර්ගය තිබුණ එක මොනතරම් ප්‍රයෝජනවත් වුණාද? (නි)
ලෙස්ලි Monday, 02 May 2016 07:50 PM
දැන් ලැජ්ජා හිතෙනවා ඇති මේකට බැණපු අයට (නි)
රෝහිණි Monday, 02 May 2016 08:26 AM
මේ වෙලාවේ හැටියට මේ මාර්ඟයේ ගමන් කල මෙම වාහන සඳහා ගාස්තු අය කලා නම් නේද හොඳ.රු කෝටි.3.5 ක විතර අාදායමක් ගන්න තිබුණා (ම)
විජේරත්න Monday, 02 May 2016 09:35 AM
අයියෝ රෝහිනී ඔයාට ඕකවත් තේරෙන්නේ නැත්ද. ගාස්තු අය කලානම් පෙළපාලිවලට ගිය වාහන වලට සල්ලි ගෙවන්න වෙනවානේ. නොමිලේ යන්න දුන්නේ අපිට ආදරේට නෙවෙයි. දේශපාලුවන්ගේ වාසියට. අපිට ආදරේට එහෙම කලානම් සිංහල අවුරුදු දවසේ එහෙම කරන්න තිබුනා නේද. අහිංසක අපෙන් විතරයි බදු ගහන්නේ.(හේ)
ජයරත්න Monday, 02 May 2016 10:05 AM
අධිවේගී මාර්ග කන්නද කියලා ඒ දවස්වල සමහරු ඇහුවා නේද? එහෙම අහලා තියෙන්නෙ ඇත්තටම ඒ පාරවල් කන්න හිතාගෙන කියලා තේරෙන්නේ දැනුයි.(හේ)
සඳරුවන් Tuesday, 03 May 2016 01:46 AM
නිම්මි, යනවා මදිවට තවමත් ඒවා වීවේචනය කර කර ඉන්නවා. බෝක්කුවක්වත් හදලා නැහැ (නි)
ගමගේ Tuesday, 03 May 2016 02:15 AM
දේශපාලන අවශ්‍යතා මත මේ වගේ දේවල් කිරීම දැන්වත් රජය බලධාරින් නවත්වනවා නම් හොඳයි. සුපිරි මඟ කියන්නේ කවුරු හැදුවා වුණත් ණය කන්දරාවක් මතින් හැදුව මාර්ගයක්. ගෙවෙන හැම තත්පරයකම මුදලක් හොයාගන්න ඕනෑ ඒ වෙනුවෙන්. මැයි දිනේට අඩුම තරමේ රු 100ක්වත් අයකළා නම් නඩත්තු මුදල හරි හොයාගන්න තිබුනා. පක්ෂ - පාට බේදයකින් තොරව රජයේ බලධාරීන්ට ඇස් ඇරේවා! (නි)
නිමල් Monday, 02 May 2016 02:46 PM
මේ දේවල් හදපු නිසාමේ මේ මාර්ගයේ යන්නේ.(හේ)
නිම්මි Monday, 02 May 2016 02:45 PM
ලජ්ජා නැතුව මේවයේ යනවනේ . හරි අමාරු ඇති හදලා. (හේ)
දීපාල් නිරෝෂ් Monday, 02 May 2016 04:27 PM
මොනම හේතුවක් නිසාවත් අධිවේගී මාර්ගයේ නොමිලේ ගමනාගමනයට ඉඩදීම අනුමත කරන්න බැහැ. කළයුත්තේ සාධාරණ ගාස්තු යටතේ හැකිතාක් ආදායම් උපදවා ගැනීමයි. මොකද මේවා ඉදිකළේ විදේශ ණය ලබාගෙන. (නි)