IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සුපුරුදු පරිදි බබා එක්ක තමයි ජීවිතේ ගෙවෙන්නේ

2016-05-03-ent-81

පුංචි තිරයේ බොහෝදෙනාගේ ආදරයට පත් චරිතයක් තමයි මංජුලා කුමාරි කියන්නේ. තමන්ගේ ඉදිරි කලා කටයුතු පිළිබඳව ඇය "සාරවිට" සමග මෙසේ දොඩමලු වූවා.

 

2016-05-03-ent-80කොහොම මේ දවස්වල ජීවිතේ?

සුපුරුදු පරිදි බබා එක්ක තමයි ජීවිතේ ගෙවෙන්නේ.

 

කලාකටයුතුවලින් ඈත් වෙලාද?

ටෙලිනාට්‍ය නම් තාම බාර අරගෙන නැහැ. මොකද කරන්න අපහසුයි. එයා තාම පොඩි නිසා. ඒ එක්කම එයාට ආසාධාරණයක් වෙයි කියලා තවම ටෙලි නාට්‍ය බාරගන්නේ නැහැ.

 

ඒ කියන්නේ ඉදිරියේදී රංගනයෙන් ඈත් වෙනවාද?

ඈත් වෙන්නෙත් නැහැ. යම් දවසක ආයේ එනවා.

 

ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක් ලෙස කාලයක් තිස්සේ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා නැවත එක්වෙද්දි අලුතින් බිහිවෙලා තිබෙන රැල්ලත් එක්ක යන්න ඔබට හැකියාවක් තිබෙනවාද?

ඒ කියන්න අමාරුයි. යම් කිසි නිර්මාණයකදී ඒ සඳහා මාව සුදුසුනම් ඒ අය මාව ඒ චරිතයට තෝරා ගනීවි.

 

ක්ෂේත්‍රයෙහි යම් වෙනසක් හෝ කඩාවැටීමක් දකිනවාද?

දක්ෂ නවක ශිල්පීන් ඉන්නා බව නම් පෙනී යනවා. දවසින් දෙකින් ඒ අය ජනප්‍රිය වුණාට රසිකයන් අතර ජනාදරයට පත්වෙන්නේ නැහැනේ. ටෙලි නාට්‍ය නරඹන බොහෝ පිරිසක් නවක නළු නිළියන්ගේ නම් දන්නෙත් නැහැනේ. ඒ අයගේ දක්ෂතාව මත තමයි ඉතින් මේ කටයුතු වෙන්නේ. හොඳ නිර්මාණ බලලා ඒවායේ ගත යුතු දේවල් තමන්ගේ රංගනයට එකතු කර ගන්න ඕනා. එවැනි දේවල් පිළිබඳව දැනුවත් වෙලා ක්ෂේත්‍රයට කැපවෙන පිරිස අඩුයි. නවකයන් බිහිවෙන්න ඕනේ ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ හැකියාවන් බලලයි.

එහෙම තමයි අපි ගොඩනැගුණේ. ඉදිරියටත් මේ ක්ෂේත්‍රය පැවතිය යුතු නිසා ක්ෂේත්‍රයට වැඩදායී පුද්ගලයෙකු වෙනවානම් බොහෝදෙනා කැමති වේවි.

 

ලංකාවේ විකාශය වන ඉන්දියානු ටෙලි සංස්කෘතිය තුළින් දේශීය ටෙලි නාට්‍ය වලට යම් කිසි බලපෑමක් වෙලා තියෙනවා නේද?

ඒකට නම් ඉතින් ඇත්තටම මමත් කැමති නැහැ. අපේ දේශීය කර්මාන්තය කඩාවැටෙන එක තමයි ඒකෙන් වෙන්නේ. ඒ නිසා මමත් ඒකට අකමැතියි.

 

එවැනි නිර්මාණ විකාශය කරන්නේ ලංකාවෙ නිෂ්පාදනය වන නාට්‍යවල රසඥතාව අඩුනිසාද ?

ගුණාත්මක බවින් ඉහළ යම් නිර්මාණ තියෙනවා. ඒ වගේම ගුණාත්මක කමමෙන් අඩු නිර්මාණත් බිහිවෙනවා. යම් කිසා නිර්මාණයක ගුණාත්මක භාවය අඩුවෙන්න හේතු ගණනාවක් තියෙනවා. ඒ සඳහා යන වියදම, ගෙවීම් අධිකවීම යන මෙවැනි හේතු ඒ සඳහා බලපානවා කියලා කියන්න පුළුවන්.

 

ඒ කියන්නේ දේශීය ටෙලි නාට්‍ය සඳහා තියෙන ඉල්ලුම අඩුවක් වෙලාද?

ඔව්, එහෙම වෙන්නේ මම ඉස්සෙල්ලා කියපු කාරණා මේ හැමදේම බලපානවා. මොකද ඉස්සර වගේ නෙමේ වියදම් ප්‍රමාණය අඩු කරන්න කරන්න නිර්මාණයේ තියෙන ගුණාත්මක භාවය අඩුවෙනවා.

 

ඒ කියන්නේ ඉදිරියේ ටෙලි නාට්‍ය කර්මාන්තය කඩා වැටෙන්න බොහෝ ඉඩ කඩ තියෙනවාද?

ඔව්, මේ විදිහට ගියොත් ඉදිරියේදී ටෙලි නාට්‍ය කලාවක් නැතුව යයි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත/ඡායාරූප රොමේෂ් දනුෂ්ක 

 

2016-05-03-ent-82
2016-05-03-ent-83
2016-05-03-ent-84
2016-05-03-ent-85
2016-05-03-ent-86
2016-05-03-ent-87
2016-05-03-ent-88

 



අදහස් (0)

සුපුරුදු පරිදි බබා එක්ක තමයි ජීවිතේ ගෙවෙන්නේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site