(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නවීන ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ රැසක් සමග චීන ජාතිකයකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ නිවසකදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අද(07) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.
ජංගම දුරකථන 420ක්, විවිධ දුරකථන සමාගම්වලට අයත් සිම්පත් 17400ත්, අන්තර්ජාල සබඳතා ලබාගත හැකි උපාංග(රවුටර්) 60ක් සහ උපකරණ රැසක් මොවුන් සතුව තිබී සොයාගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් කැදවා පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සන්නිවේදන උපකරණ රැසක් සමග චීන ජාතිකයකු ඇතුළු 3ක් අත්අඩංගුවට
Rasika Friday, 07 June 2019 09:40 AM
කොහොමද රට ඇතුළට ආවේ....
chandana Friday, 07 June 2019 10:00 AM
එක නිකම් දුරකථන හුවමාරුවක් වගේනේ !!!!
Indika Friday, 07 June 2019 11:30 AM
මම හිතන්නේ මෙමගින් ශ්‍රී ලංකාවට ලැබෙන ජාත්‍යන්තර ඇමතුම් ලංකාවේ නම්බර් කින් නැවත විසුරුවා හැරීම තමයි සිදුවන්නේ...
Dev Friday, 07 June 2019 04:01 PM
මේක ක්ලික්ෆෝම් එකක්... ඕන දෙයක් රිපෝර්ට් කරන්න පුළුවන් සිම් ගාණකින්...
Nandalal DE SILVA - France Friday, 07 June 2019 04:38 PM
චීනට රටෙන් ලොකු කොටසක් දැනටම සින්නක්කරම ලියාදී තිබෙන නිසා, මේ හැත්ත බුරුත්ත රටපුරාම ඔවුන්ගේ බිස්නස් කරන එක පුදුමයක්ද? රාජ්‍ය ආරක්ෂාව දැන් බිංදුවටම බැහැලා නේද?