(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුවේදී අද(12) පස්වරුවේ පැවැත්වෙන අයවැය ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්දය දීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
සමස්ත අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළද හෙට (13) දිනයේදී ජනාධිපති වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය දීමට සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(12) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී මෙම තීරණය ගත් බව මන්ත්‍රීවරයා පැවසීය.
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ
පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ
ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සන්ධානය අයවැයට විරුද්ධව ඡන්දය දීමට තීරණයක්
Nandalal DE SILVA - France Tuesday, 12 March 2019 07:52 AM
තවමත් මේ විරුද්ධ පක්ෂ රංචුව වලිකන්නේ කොක්කෙන් හෝ කෙක්කෙන් මේ රජය පෙරලා දැමීමට බව යලිත් වරක් සනාථ කර තිබෙනවා. කලින් ඔවුන් කිවුවා "අර පෝයට පෙර, මේ පෝයට පෙර" රජය පෙරලනවා කියා...පෝයවල් කිහිපයක් ගිය නමුත් රජය සිය කටයුතු නියමෙට කරගෙන යනවා. ඊට පස්සේ ඔක්තෝබර් කුමන්ත්‍රණයෙන් එය කිරීමට ගොස් පස්ස බිම එන ගත්තා! "දින 52 තාවකාලික අගමැති" ඉන්පසුව කිවුවා එන පළමු තත්පරයෙදීම යලිත් වරක් බලයට ඒමට පුළුවන් හැම දෙයක්ම කරනවා කියල. මහා මැතිවරණය සහ ජනපතිවරණය කට ළඟ තබාගෙන නැවතත් දුම්මල වරම ගත් යක්දෙස්සන් වගේ උඩ පනිනවා රජය පෙරලා බලයට එන්න. මැතිවරණ එන තුරු ඉවසන්න බැරි මොකොද?
Nissanka Tuesday, 12 March 2019 08:00 AM
ජනාධිපති වැය ශිර්ෂයටත් විරුද්වධ ඡන්දෙ දෙනවද?
sujeewa Tuesday, 12 March 2019 08:14 AM
අද මාධ්‍ය වල තිබුනා අය වැයට විරුද්ධවත් ජනාදිපති වැය ශීර්ෂයට පක්ෂවත් ඡන්දය දෙනවා කියල. එක එහෙම නම් මුළු අය වැයම වැරදි එකක් වෙලා ජනාධිපති වැය ශීර්ෂය විතරක් හරි වෙන්නේ කොහොමද. මේගොල්ලන්ට ප්‍රතිපත්තියක් ඇත්තෙම නැත.
NishanthaTuesday, 12 March 2019 08:37 AM
මෙයාලට රට හදන්න ඕනේ නැහැ. මෙයාලට ඕන ඒගොල්ලන්ට එක දාගන්න වැඩ කරන්න.
SRI LANKIKATuesday, 12 March 2019 08:56 AM
මෙය තමය මේ අයගේ දේශපාලන ක්‍රමය. එකග වෙන්නයි විරුද්ධ වෙන්නයි, එකම අවශ්‍යතාවය තමන්ට වාසිද අවාසිද කියලා විතරයි බලන්නේ.
sandy123Tuesday, 12 March 2019 08:56 AM
දේශපාලකයින්ට ප්‍රතිපත්තියක් ඇත්තෙම නැහැ. ප්‍රතිපත්තියක් තියන උදවිය දේශපාලනයට එන්නෙත් නැහැ.
de silva berlin Tuesday, 12 March 2019 08:26 AM
රටක විපක්ෂයේ වගකීම අයවැයේ සාමාන්‍ය ජනතාවට අසාධාරණයක් වෙන කොටස් පෙන්වා දීල අයවැය හරි මගට ගැනීම මිසක් , තම දේශපාලන බලය රැක ගැනීමට අයවය භාවිත කිරීම නොවේ , මෙවැනි ක්‍රියා නිසා රටේ ආර්ථිකයට වන විනාශය ගැනමොවුන්ට කිසිම තැකීමක් නොමැත
raviTuesday, 12 March 2019 09:58 AM
ඉදිරිපත්කරලා තිබෙන අය-වැය ඉතාමත් සාර්ථකයි ... ඒ නිසා තමයි දැන් විපක්ෂය තක්කු මුක්කු වෙලා දඟලන්නේ .. පොහොට්ටුවේ ගමරාලලට අමුඩ ගෙඩිය ගැලවෙන්න දීපු , මංගල අය වැයක් .. !
kanjipana Tuesday, 12 March 2019 08:58 AM
එක්සත් ජනතා සන්ධානය තියෙන්නේ කොහෙද ඒකට ඡන්ද කීයක් විතර තියෙනවද කියන්න පුලුවන්ද ?
smn Tuesday, 12 March 2019 09:35 AM
මෙයාට ඕන නිතරම මූණත්තට්ටුව ප්‍රදර්ශනය කරමින් තමා මහ ලොකු චණ්ඩියෙක් කියලා ජනතාවට පෙන්වගන්න…... ඔක්තෝබර 26 කුමන්ත්‍රණය දවස්වල ශ්‍රීලනිපයට පයින් ගහලා හනික ගොහින් පොහොට්ටුවේ සාමාජිකත්වයත් ලබා ගත්තෙ මහින්ද මහත්තයගෙන් ඇමැති කට්ටක් ලබා ගන්න කියලා…. වැඩේ අංජ බජල් වෙලා ගියා නේ.
saliya Tuesday, 12 March 2019 09:37 AM
අයවැය හොඳ නැති මුත් ජනපති දැන් හොඳය. ජනතාවට හිතකර එකම දෙය ජනපති ට මුදල් වෙන් කිරීම පමණි . තර්කය වැටහේ . ජනපතිටත් ඔබලාටත් ජයම වේවා . අපිට කෙල වුනාට කමක් නැත.
chamath Tuesday, 12 March 2019 09:53 AM
ඉතාමත් හොද තීරණයක්
chamath Tuesday, 12 March 2019 09:55 AM
මේ අය වැය දුප්පතාට කරපු කිසිම සහනයක් නෑ
prabha Tuesday, 12 March 2019 11:52 AM
දැන් මේ අය අයවැයට විරුද්ද වෙන්නේ අය වැය ජනතා හිතවාදී නොවෙන නිසාද එහෙමත් නැත්නම් බලයට පත්වෙලා හොරාකන්න තියෙන හදිස්සියටද ?
pythagoras Tuesday, 12 March 2019 12:11 PM
සන්ධානෙ තීරණය ගැන කතා කළ යුත්තේ සන්ධානයේ උදවිය නේද? මේ කවුද?
සිරිබිරිස් Tuesday, 12 March 2019 12:18 PM
1970 කාලයේ ඉන්දියාව හා පකිස්තානය අතර පැවති යුද්ධයේදී නැගෙනහිර පකිස්තානය ලෙස එතෙක් තිබුන පකිස්තානයේ කොටසක් යුද්ධයෙන් පසුව (1970 දී) නැගෙනහිර පකිස්තානය ලෙස වෙනම රාජ්‍යයක් වුනා. වර්තමානය වනවිට කොතෙක් ස්භාවික ආපදා කෙතෙක් තිබුනත් මේ වන විට ආසියාවේ සීග්‍ර සංවර්ධනයක් සිදුවන රට බවට පත්වෙලා. අපි නිදහස් රටක් වෙලා අවුරුදු 71 ක් පසුකර සිටියත් මොවුන් වැනි අය සිටිනතුරු 1948 සිටම කිවූ ලෙස තවත් අවුරුදු සියයක්වත් අපි ආසියාවේ සංවර්ධනය වෙමින් සිටින රටක් යැයි කියමු