IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සෙන්ටිග්‍රේට්ගෙන් අලුත් වැඩක් ළඟදීම

20160407Centi_2පසුගිය වසර කිහිපයේදී එකිනෙකට වෙනස් නව ආරේ ගීත ශෛලයන් ඉදිරිපත් කරමින් තරුණ සිත් දිනාගැනීමට සමත් වූ සංගීත කණ්ඩායමක් ලෙස 'සෙන්ට්‍රිගේට්' සංගීත කණ්ඩායම හැඳින්විය හැකිය. 'දිවුරාලා පවසන්නේ', 'මන්දාරම් වැහි', 'සිරියාව' හා 'නඟේ' යන ගීත අදටත් බොහෝ දෙනා අතර ජනප්‍රිය වී තිබේ. 'හැඟුමන්', 'සෙන්ටිග්‍රේට්' සංගීත කණ්ඩායම අවසන්වරට නිකුත් කළ ගීතය වන අතර, එය අදටද සංගීත ලෝලීන් අතර අතිශය ජනප්‍රිය වී තිබේ. කාලයකට පසුව අලුත් නිර්මාණයකට සැරසෙන 'සෙන්ටිග්‍රේට්' සංගීත කණ්ඩායම ඒ පිළිබඳව 'තරුණයා' අපිට පැවසුවේ මෙවැන්නකි.

"මේ දවස්වල අපේ අලුත් ගීතයක් එළිදක්වන්න සැළසුම් කරලා තියෙනවා. ඒ තමයි 70/80 දශක වල අතිශය ජනප්‍රිය ගායකයෙකු වුණ ෆිලීක්ස් ඇන්ටන්ගේ 'සුළං රැල්ල ලෙස හමා ඒමි' කියන ගීතය රිමෙක් එකක් විදිහට අපි යළිත් එළිදක්වන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මෙහි ඕඩියෝව වගේම විඩියෝවකුත් අපි එකම දිනයේදී එළිදක්වනවා. විඩියෝව නිර්මාණය කළේ 'ඩ්‍රීම් ඉන්ෆෙක්ට්' ප්‍රඩක්ෂන් එකේ ප්‍රසාද් රණසිංහ අපේ මිතුරා. බොහෝ දුරට මේ ගීතය තවත් සතියකින් හෝ දෙකකින් අපේ රසික, රසිකාවියන්ට අහන්නත් දකින්නත් පුළුවන්කම ලැබෙයි කියලා කියන්න පුළුවන්." 

"ප්‍රවිණ ගායකයෙකු සමග අපි මේ වැඩේ කළ පළමු අවස්ථාව මේක නෙමෙයි. කලකට පෙර අපි එළිදක්වපු 'සිරියාවි' කියන ගීතයටත් පැරණි ප්‍රවීණ ගායකයෙකු වූ සූර්යකුමාර් මුත්තලගේ සම්බන්ධ කරගත්තා. ඒක අපි අලුත් ව්‍යාපෘතියක්. ඉදිරියටත් මෙවැනි පැරණි ප්‍රවීණ ගායක, ගායිකාවන් සම්බන්ධ කරගෙන ඔවුන්ගේ ගීත රීමික්ස් කරන්න හෝ අපේම කියලා නිර්මාණ වලට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. මේ වැඩත් එක්ක අපේ 'සෙන්ටිග්‍රේට්' ලයිව් ඉන් බෑන්ඩ් කියලා අපේ සංගීත කණ්ඩායම වැඩිදියුණ කරන්න අදහස් කරමින් ඉන්නවා. කාලයක ඉඳලා අපි ප්‍රසංග වේදිකාවේදී කළේ තැටිය දාලා ගීත ගීත කියපු එක. නමුත්, මේ ලයිව් බැන්ඩ් එක හරහා ඉදිරියේදී රසික, රසිකාවියන් අපේ ගීත සජිවිව රසවිඳින්න පුළුවන්."  

බුද්ධික සේනාධීර

20160407Centi_1

 



අදහස් (0)

සෙන්ටිග්‍රේට්ගෙන් අලුත් වැඩක් ළඟදීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site