IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


සුදු වෑන් රියෙන් පැහැරගත් දෙදරු පියා අතුරුගිරියෙන් හමු වෙයි

(අජිත් ලංකා තිලක සහ සුදේෂ් කොඩිකාර )
 
මාතර බෙරලපනාතර නගරයේදී සුදු වෑන් රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගැනීමට ලක්වූ ප්‍රදීප් සුරංග එදිරිසිංහ නම් 45 හැවිරිදි දෙදරු පියා අතුරුගිරිය ප්‍රදේශයේ රහසිගත ස්ථානයක සඟවා සිටියදී අද (20) සොයාගත් බව ඌරුබොක්ක පොලීසිය පවසයි.
 

ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගිහාන් රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් විසින් නවීන තාක්ෂණික උපක්‍රම භාවිතයෙන් අද (20) අලුයම් කාලයේ අතුරුගිරිය ප්‍රදේශයේ කළ මෙහෙයුමකින් අනතුරුව පැහැර ගත් පුද්ගලයා සොයාගැනීම මෙන්ම මෙම පැහැර ගැනීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු සහ එයට භාවිතා කළ වෑන් රථ දෙකින් එකක් ද පොලිස් අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
 
පැහැර ගැනීමට ලක්ව සිටි සුරංග ලක්මාල් මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍ය පරීක්ෂණයට යොමුකොට ඇත. මෙසේ පැහැරගැනීමට ලක්ව සිටි දෙව්ලියද්ද පාර , බෙරලපනාතර ලිපිනයේ පදිංචි ප්‍රදීප් සුරංග එදිරිසිංහ බෙරලපනාතර ප්‍රදේශයේ විවිධ සේවා සමූපාකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයෙහි නිලධාරියෙකු ලෙස කටයුතු කරන්නෙකි.
 
ඔහු සිය දරුවන් දෙදෙනා පාසල වෙත ඇරලවා නිවසට යමින් සිටියදි පැහැර ගැනීමට ලක්ව තිබුණේ ඉදිරිපස අංක තහඩු නොමැති සුදු වෑන් දෙකකිනි.
 
පොලිසිය නොමග යැවීමට පැහැර ගැනීමෙන් අනතුරුව එක් වෑන් රථයක් ඌරුබොක්ක දෙස සිට කොටපොල දෙසටත්, අනෙක් වෑන් රථය කොටපොල දෙස සිට ඌරුබොක්ක දෙසටත් ධාවනය වී ඇති බව මූලික පොලිස් විමර්ශණ වලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (19)

සුදු වෑන් රියෙන් පැහැරගත් දෙදරු පියා අතුරුගිරියෙන් හමු වෙයි

අමා Friday, 20 September 2019 05:51 AM

අල්ල ගත්ත ක්‍රම මාද්‍යට දෙන්න එපා.

:       1       275

දිමුත්Friday, 20 September 2019 11:08 AM

ඒක හරි...

:       0       90

max Friday, 20 September 2019 05:55 AM

මේකත් ගෝඨාගේ ගිණුමට බැර කරපු කට්ටිය හිටිය නේද? අනේ මෙහෙමත් අවිචාරවත් මිනිස්සු.

:       1249       1236

NishanSaturday, 21 September 2019 08:42 AM

පළපුරුදු අය ගැන තමයි මුලින් සැක කරන්නේ...

:       42       235

Maax Friday, 20 September 2019 07:06 AM

ගිණුමක් පටන් ගත්තා නම් ඒ ගිණුමට සල්ලි බැරවෙන එක වෙනවා මැක්ස් මහත්තයෝ . ආරම්භ නොකළ ගිණුමකට කොහොමද සල්ලි බැරවෙන්නේ ?

:       1746       2389

maxFriday, 20 September 2019 07:52 AM

බොරු ගිණුම් වලට සල්ලි බැර කළාට කවුරුත් ගණන් ගන්නේ නැහැ. Maax අවිචාරවත් මිනිස්සු ඇරෙන්න....

:       682       441

MaaxFriday, 20 September 2019 08:04 AM

බොරු ගිණුම් වලට සල්ලි දාන්නේ කවුද මහත්තයෝ ? එහෙම සල්ලි දාන අයත් ඉන්නවාද?

:       220       680

bakathapas Friday, 20 September 2019 09:50 AM

බම්බුව තමයි ගිණුම තියෙන්නේ සිරිකොතේ වෙන්න ඇති...

:       0       0

kamal Friday, 20 September 2019 07:24 AM

අරයා ඕක කරානම් ආයේ සොයාගන්න ලැබෙන්නේ නැහැනේ. එහෙනම් ඉතින් එයාත් මෙයත් දෙන්නම දැන් නිදහස්.

:       262       237

සේන Friday, 20 September 2019 08:09 AM

මේක බොරු සෙල්ලමක් වෙන්න බැරි නෑ. ඇහැටවත් දැක්කෙත් නැති, ඉස්සුවානම් ඉස්සුවේ කවුද කියලා දන්නෙත් නැති, හරි වැරද්දක් නොදන්න ඇතැමුන් දැනටමත් ඉක්මන් වෙලා.

:       22       76

gunasenaFriday, 20 September 2019 08:53 AM

වැරැද්දක් නොදන්න ඇතැමුන් දැනටමත් ඉක්මන් වෙලා .....

:       5       14

Bandara Friday, 20 September 2019 09:42 AM

දැන් සමනල්ලු ටික කියයි ගෝඨාභය ගැනත් දැම්මා කියලා..

:       0       0

රවින් Friday, 20 September 2019 09:44 AM

සමූපකාරයෙන්, හොර ගුහාවල්, යටිමඩි වහන්නද? හොරකම වහන්නද? නැතිනම් විකුණපු කුණු ගොඩට සල්ලි ගන්න බැරුවද? නැතිනම් කුණු ගොඩක් සමුපකාරේට තල්ලු කරන්නද? හැම පැත්තම බැලුවොත් තමයි හොඳ...

:       0       0

Mahee Friday, 20 September 2019 01:56 PM

අනේ දෙවියනේ, මොනවද මේ අදහස් දාන අය කියන්නේ? අැයි හත් ඉලව්වේ, පැහැර ගැණුනයි කියන එක්කෙනා නොවැ වෙච්ච් දේ දන්නේ...

:       10       23

ranaSaturday, 21 September 2019 07:02 AM

අනේද කියන්නේ? සොයාගත් කෙනාගෙන් කට උත්තරයක් දෙනකන් ඉවසන්න.

:       0       14

chandima Friday, 20 September 2019 04:25 PM

පොඩි අය අඬනවා.. තවත් නම් මෙහෙම හැංගිලා ඉන්න බැහැ කියලා එළියට ආව කියන්නේ. අනික සුදුවෑන් කතාව කියලා ඡන්ද කඩන්න ඕනෑ නැහැ. අර සජිත් රනිල් පොරේ නිසා දැන් එක්සත් ජාතික පක්ෂය ගැන තිබුණු ජනතා කෝපේ නැත්තටම නැතිවෙලා. රනිල් කෝපයක් බවට හැරිලා ඉවරයි. දැන් සජිත් වෙනුවෙන් පෙලපාලි යන්නත් පටන් අරන්. ඉතින් තවත් හැංගිලා ඉඳලා වැඩක් නැහැ.

:       7       55

Chathuri Friday, 20 September 2019 07:24 PM

අද මේ මනුස්සයව කාල්ටන් වත්ත පහළින් හමුවුණා නම් කාටද ආඩම්බර? කරන දෙයක් තේරුමක් ඇතිව කරන්න ඕනෑ. එහෙනම් අද ඇප තියනවා වෙනුවට, ඇප දෙන්න වෙන්නේ...

:       0       17

සුරංග (ediriya) Saturday, 21 September 2019 08:00 AM

මට සෑහෙන ගානක් හම්බ වුණා. මගේ පවුලට කන්න අඳින්න දෙනවද? කමෙන්ට් නොදා ඉන්න. මම ඡන්දෙ දෙන්නෙත් ගෝඨාට තමයි.

:       8       4

alahap Saturday, 21 September 2019 08:04 AM

සුදු වෑන් රියෙන් පැහැරගත් දෙදරු පියා අතුරුගිරියෙන් හමුවෙයි... පෙර කරන ලද දේවල් මිස්ටර් බීන් වගේ දේවල් ගැන බැලුවම පුදුමයක් නොවේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රනිල් යළි ඉන්දියාවට
2025 මැයි මස 06 0 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ තෙදින සංචාරයක් සඳහා අනිද්දා (8)පිටත්ව යයි.


අග්‍රාමාත්‍යවරිය - යුරෝපා සංගම් අතර සාකච්ඡාවක්
2025 මැයි මස 06 10 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ඨීඡ+ අධීක්ෂණ මෙහෙයුමේ කොටසක් ලෙස යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස්


ගාල්ලේ සියයට 63යි
2025 මැයි මස 06 31 0

ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ඡන්ද දායකයන්ගෙන් සියයට 63ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් තේරිම් බාර නිලධාරි ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතා පැවසිය.


දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සියයට 62.8 ඡන්දය දෙති
2025 මැයි මස 06 317 0

2024 පලාත් පාලන ජන්ද විමසීම ප.ව. 4.00 ට අවසන් වනවිට දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද දායකයින්ගෙන් 62.8 % ක් සිය ජන්දය ප්‍රකාශකර ඇති බව, අම්පාර දිස්ත්‍රික් ලේකම් හ


ග්‍රාමාත්‍යවරිය ඡන්දය ප්‍රකාශ කරයි
2025 මැයි මස 06 275 0

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කෝට්ටේ, මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඡන්දය ප්


රනිල් ඡන්දය ප්‍රකාශ කරයි
2025 මැයි මස 06 273 0

රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොලේජ් හවුස් හිදි සිය ඡන්දය ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 781 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 204 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1244 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site