කොස්ගොඩ හිද්දොරුව කැස්බෑ මධ්‍යස්ථානයේ අයිතිකරු චන්ද්‍රසිරි ආබෘ කැස්බෑවකු නැති වීම ගැන පොලීසියට අසත්‍ය පැමිණිල්ලක් කැර අත්දැයි පරීක්ෂණ පවත්වන බවත් ඔහු අසත්‍ය පැමිණිල්ලක් කැර ඇති බව හෙළි වුහොත් අත්අඩංගුවට ගෙන නඩු පවරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
අබෘගේ දියණියගේ අම්බලන්ගොඩ නිවසට දින තුනකට වරක් මුහුදු වතුර රැගෙන යන බවට ලද තොරතුරක් මත එම ගෙදරින් සුදු කැස්බෑවකු සොයාගත් බවත් පොලීසිය කියයි.
එහෙත් ආබෘගේ පැමිණිල්ල අනුව අතුරුදන්වු බව කියන කැස්බෑවාගේ බර කිලෝ නවයහමාරකි.
දුවගේ ගෙදරින් සොයාගත් කැස්බෑවගේ බර කිලෝ පහ හමාරක් බවත් තමා මිලදී ගැනීමට පැමිණියේ මෙම කැස්බෑවා බවත් ගායන ශිල්පී අමල් පෙරේරා හදුනාගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
මේ කරුණු පැහැදිලි කැර ගැනීමට ආබෘගෙන් ප්‍රකාශයක් ගත යුතුව ඇති නමුත් ඔහු රෝහල් ගත කැර ඇති බව ඥාතීන් පවසා ඇතැයි මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සුදු කැස්බෑ සිද්ධිය හතර බීරී කතාවක්
ශාන්ති Tuesday, 14 January 2014 11:36 PM
ඇත්තටම මේක ප්‍රශ්නයක් තමයි (දිල්)
චින්තක Wednesday, 15 January 2014 01:03 AM
දැන් අහන බලන ප්‍රශ්න වලින් අපේ ඔලුව නරක් වෙනවා. හැම තැනම රග පෑම කලේ වරදක්ද දන්නේ නැහැ. මොන ප්‍රශ්නයක් වත් ඉවර නැහැ. (නදී)
හිරාන් Wednesday, 15 January 2014 06:36 AM
ඇත්තටම මේ රටේ මිනිසුන්ට වෙන වැඩ නැද්ද මේ අහිංසක සත්තු අල්ලාගෙනඉන්නේ රට දියුණු කරන්න නම් ඕනි තරම් දේවල් තියෙනවා (දිල්)
ප්‍රනාන්දු Wednesday, 15 January 2014 08:20 AM
වණ ජීවී එකකට පවර ගත යුතු අතර වැරදි කරුවන්ට නිසි දඩුවන් දිය යුතුය (අ)
සංජය Wednesday, 15 January 2014 09:23 AM
සංරක්සනය වනජීවී එකකට පවරගෙන වැරදි කරුවන්ට නිසි දඩුවන් ලබා දෙන්න ඕනේ (දී)
සන්ද්‍යා Wednesday, 15 January 2014 11:29 AM
අබලන්ගොඩ පොලිසියේ මහත්වරුන්ට පුළුවන්නේ රෝහලට ගිහින් අබ්රූ මහත්මයාගෙන් ප්‍රකාශයක් ලබා ගන්න??(දිල්)
සුනිල් විමලසුරිය Tuesday, 14 January 2014 07:03 PM
අන්ඩර දෙමළ කතාවක් වගේ.(නදී)
ඇන්තනී Tuesday, 14 January 2014 07:06 PM
දැන්වත් ඔය කැස්බැ පිස්සුව ඉවර කරමු.(නදී)
සමන්ති Tuesday, 14 January 2014 07:47 PM
කැස්බෑවන් ඇතිකිරීම තහනම් කලයුතුයි.(නදී).
බුද්ධි Tuesday, 14 January 2014 07:51 PM
දැන් ලංකාවේ ගෙවල්වල කැස්බෑවෝ ඇති කරන්න පුලුවන්ද? මේ සත්තුන්ව ගෙවල්වල හොරට තියාගෙන ඉන්න පුද්ගලයන්ට නඩු දාන්නේ නැද්ද?(නදී)
කුමාරි Tuesday, 14 January 2014 07:52 PM
අයියෝ මේක තනිකරම බොරුවක්. දැඩි දඩුවම් දෙන්න ඕන ආය බොරු නොකරන්න.(නදී)
.අහිංසා Tuesday, 14 January 2014 08:17 PM
කැස්බෑවට කන්න දීල නැතුව ඇති බර අඩුවෙන්න හේතුව ඒකනේ.. අනේ පව් අහිංසක සතා .. එහෙම නැත්නම් කැස්බෑව උපවාසේ යෙදුනවත්ද? (නදී)
චින්තක Tuesday, 14 January 2014 08:25 PM
අමල් පෙරේරා බලලා අඳුනා ගත්තට එක උසාවියේදී ගණන් ගන්න එකක් නැහැ. කස්බැවෙක් එහෙම ඇහෙන් බලල ඌමද කියල කියන්න බැහැ. එවැනි සාක්කියකින් හිමිකරුට දඬුවම් දෙන්න බැහැ. (නදී)
සේරම් පැරිස් Wednesday, 15 January 2014 01:53 PM
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තය කියනවා (දී)
මර්වින් Wednesday, 15 January 2014 02:24 PM
සුදු ඉබ්බෙක් හෙමින් එවිල්ල හදෙ ලැගුම් අයැදියි (දී)
මනෝජ්-සාජා Tuesday, 14 January 2014 09:53 PM
මම කලිනුත් කිවේ ,මේක නම් බොන්න ඕන ප්‍රශ්නයක් කියලා. මෙතන කවුරු බොරු කියනවද හිතා ගන්න බෑ. (නදී)