බස්නාහිර පළාත් සභා මැතිවරණයට නාමයෝජනා බාරදී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක වෛද්‍ය සුදත් දම්සිංහ මේ වනවිටත් ඔහු දරන රජයේ තනතුරුවලින් වැටුප් ලබාගෙන ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා වෙත පැමිණිළි කළ බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලයේ ප‍්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර මහතා පවසයි.
වෛද්‍ය සුදත් දම්සිංහ ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරයකු ලෙස සහ තරුණ කටයුතු අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන සෞඛ්‍ය අධ්‍යාපන විද්‍යායතනයේ අධ්‍යක්ෂ බවද ආචාර්ය ගුණසේකර පැවසීය.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සුදත් දම්සිංහත් ඡන්ද නීති කඩයි?
දමිත් Friday, 28 February 2014 12:48 PM
වෛද්‍ය තුමා ඔය හදන්නේ නම කැත කරගන්න (දී)
ද සිල්වා Saturday, 01 March 2014 03:31 PM
පැමිණිලි කළාට වැඩක් වෙන්නේ නැහැ (දිල්)
අරංගල Friday, 28 February 2014 02:14 PM
ඔබතුමා ඉතා හොද වෛද්‍ය වරයෙක් මොනවාද මේ කරන්නේ (දී)
පද්මපානි Friday, 28 February 2014 03:15 PM
ඕවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට මේවා නොකිව් කට- විවර කෙරුවා වගේ හුඹස් කට (දී)
රොකි Thursday, 27 February 2014 08:48 PM
මේ කතාව ඇත්තනම් ඔහු වංචා කාරයෙක්, දේශපාලන සංස්කෘතිය අනුව පිළිගතයුතු සුදුසු කමකි. ජයවේව!(අ)
පිටිගල Thursday, 27 February 2014 09:31 PM
නැහැ!. මේගොල්ල ඡන්ද නීති කැඩුවට ඒක නීති විරෝධී නැහැ, ඒක ඡන්ද වැඩියෙන් ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍යම සුදුසු කමක්.බොරුවක් නෙවෙයි. බොරුනම් බලන්න කව්ද ඔහුට විරුද්ධ වෙන්නේ.? (අ)
අමිල කටුනායක Thursday, 27 February 2014 09:54 PM
සමහරවිට රූප පෙට්ටියේ ඉන්න වෙලාවෙත් පඩි රජයෙන් ගත්තද දන්නේ නැහැ.(නදී)
ශවීන් Friday, 28 February 2014 07:41 PM
අසරණ මහජනතාවට කාගේ පිහිටද දෙයියනේ? (දී)
ප්‍රදීප් Friday, 28 February 2014 03:59 AM
මෙච්චර වටිනා දොස්තර කෙනෙක් වෙලත් පළාත් සභාවට ඉල්ලන්නේ රටට සේවය කරන්නද? ලෙඩුන් සුවපත් කිරීම උසස් සේවයක් නොවේද? ඔබට හැමදාම දොස්තර ලෙසම ඉන්න සිතක් පහළවේවා. කුඩුකාරයන් ,මිනීමරුවන් සමග ඔබට එකට වැඩ කරන්න පුලුවන්ද?(අ)
ප්‍රසාද් ෆ්‍රොම් නව සීලන්තය Friday, 28 February 2014 04:46 AM
රොකි හරි. සහතික ඇත්ත. නමිනුත් ධර්මයෙන් වැඩට සිංහයෙක් (අ)
චානක. Friday, 28 February 2014 05:22 AM
ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන්නේ පීඩිත ජනයාට පමණි....ලොකු අය නීතියට පයින් ගසති. (අ)
සමන්ති Friday, 28 February 2014 05:23 AM
උදේ සවස මාධ්‍ය තුලින් අපට උපදෙස් දෙන්නේ මේ ගොල්ලොනේ . ඕවා දෙනු පරහට - තමා සම්මතයේ පිහිටා සිට ,(අ)
සත්‍යයා Friday, 28 February 2014 05:26 AM
වෛද්‍ය වෘත්තීය කියන්නේ එකක්. ඡන්දෙදි වංචා කරනවා කියන්නේ තවත් එකක්. මේ දෙකම එකවර කරනවා කියන්නේ තවත් එකක්. රාජ ඌෂ්ණය තියෙන නිසා මොහුට දඬුවම් නම් කිසිදාක ලැබෙන්නේ නැහැ. බෙහෙත් ගත්ත අයයි ගන්න ඉන්න අයයි ඡන්දෙ දෙන නිසා පරදින්නේත් නැහැ.(අ)
භානු Friday, 28 February 2014 06:37 AM
මේ දොස්තර මහතා ගේ රුපවාහිනී වැඩසටහන් මම දැකල තියනවා. බොහොම දක්ෂතා ඇති කෙනෙක්. මේ දේශපාලන කුණු වල ට මොකට වැටෙන්න යනවා ද මන්දා.(නධී)
සෙන්සා Friday, 28 February 2014 08:31 AM
අප රටෙි තියන පොදු මතය තමයි වෛද්‍ය වරයෙක් යනු උගත්කමෙන් ඉහල කාගෙත් ගෞරවයට පාත්‍ර වෙන පුද්ගලයෙක් කියන එක. ඒ වගේම බොහොමයක් දේශපාලකයින් වන්නේ උගත්කමක් නැති කටිට කෛරාටික සමාජ විරෝධී පුද්ගලයින් කියන එක. එහෙම එකේ මෙි දොස්තරවරයා කිනමි වර්ගයකට අයිති වන්නෙක්ද වග මොකාටද එන්නෙ කියන එක කාට කාටත් පැහැදිලිනේ.(නදී)