(මුදිතා දයානන්ද)
රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් ලංකා සතොසට නිකුත් කළ සහල් කිලෝ ලක්ෂ තුනක් හොරපාරෙන් හොරොව්පතානේ මෝලකට ගොස් දේශීය සහල් ලෙස වෙළෙඳපොළට එවා ඇතැයි වාර්තා වෙයි.
මෙම සහල් කිලෝ ලක්ෂ තුන වෙනුවෙන් ලංකා සතොස රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවට මුදල් ගෙවා ඇති බවද එහෙත් සැබෑවටම එහි ගබඩාවලට මෙම සහල් තොග පැමිණ නැති බවද දැන ගන්නට තිබේ.
එයින් ලංකා සතොසට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි හයකට ආසන්න බවද ලංකා සතොස ආරංචි මාර්ගවලින් දැන ගන්නට තිබේ.
එම සහල් තොග හොරොව්පතානේ සහල් මෝලකට යොමුකර එහිදි නැවත ඇසුරුම්කර දේශීය සහල් ලෙස වෙළඳපොළට වැඩි මිලට නිකුත් කර ඇති බවද වාර්තාවේ.
මෙම සහල් වංචාව සිදුකර තිබෙන්නේ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සහල් ආනයන ව්‍යාපෘතිය භාර කළමණාකරුවන් දෙදෙනෙකු සහ ලංකා සතොස ආයතනයේ ගබඩා කළමණාකරුවකු විසින් බවද වාර්තාවේ.
COMMENTS
අපි හැමදාම ඇඟිල්ල දික් කළේ දේශපාලඤ්ඤයන් දෙසට. හරියට හොයලා බැලුව නම් රටම හොර ගුහාවක්. මේවට දඬුවම් නැති නිසා කවුරුත් බය නෑ.
හරි දැන් මොකද කරන්නේ? නිදොස් කොට නිදහස් කරනවද? ජවිපය, පෙරටුගාමී, සමගි, අනුර, සජිත්, CID යන්න බැරිද හොරුන්ට විරුද්ධව... ?
මුංව ගෝල්පේස් ගෙනල්ල ගල්ගහල මරන්න ඕන
මෙය සුදුළූණු වංචාව හා සමාන වනු ඇත.
අද රටේ බහුතරයකට එක වෙලාවක්වත් හරියට කන්න නැහැ. රට අගාධයට යන මේ වෙලාවෙත් හොරකම් කරන මෙවැනි වංචාකාරයින්ට සහ ඔවුන්ගේ පවුල් වලට සාප වෙනවා.
එකපාරක් සුදුළූණු වංචාකර ඒවට කිසිම දඬුවමක් නෑ. ඒවා එළිදරවු කරන අයට විරුද්ධව තම කටයුතු කරන්නේ මේ රට මේ තරම් විනාශ වුණේ වංචාව, දූෂණය ඉහළ සිට පහළට පවතින නිසා..
සුදුළූනු සුවඳක් එහෙම තියනවද අල්ල ගත්ත හාල්වල
මේ දෙකම හොර ගුහාවල්... මේවා ඔක්කොම පුද්ගලීකරණය කරන්න ජනතා මුදල් කාබාසිනියා කළාම ඒකත් ගෙවන්න වෙන්නේ අපිටම තමයි.