IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග

 

(රෝෂන් තුෂාර)

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී  කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම කළ විශේෂඥ වෛද්‍යවරයා සාක්ෂිකාරයෙකු ලෙස නොව සැකකරුවකු ලෙස නම්කර වහාම අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා රහස් පොලිසියට අද (09) නියෝග කළේය .

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ විමර්ශනයේ සාක්ෂිකරුවකු ලෙස නම් කර ඇති විශේෂඥ ශල්‍ය වෛද්‍ය නවීන් විජේකෝන් මහතා  මරණ පරීක්ෂණ විමර්ශනයේ සාක්ෂි විභාගය මග හරිමින් විදේශගතව ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන්  අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

කොටහේන ප්‍රදේශයේ පදිංචි මවුපිය යුවළකගේ අවුරුදු දෙකක් වයස හම්දි දැරියගේ වම් වකුගඩුව අක්‍රිය  වීම හේතුවෙන් එය ඉවත් කිරීමට 2022දෙසැම්බර් 22 වන දින  කළ ශල්‍ය කර්මයෙන් මාස හයකට පමණ පසුව දකුණු වකුගඩුවද නොමැතිව දරුවා  මිය යාම සිද්ධිය  සම්බන්ධයෙන් සිදුකරන මහේස්ත්‍රාත් පරීක්ෂණ සාක්ෂි විභාගය කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.

ඊයේ මෙම පැමිණිල්ල පශ්චාත් මරණ පරීක්ෂණ විමර්ශනයේ වෛද්‍යවරයාට අදාළ සාක්ෂි විභාග කිරීම සඳහා කැඳවීය.

දැරියගේ ශල්‍යකර්මය භාරව කටයුතු කළ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නවීන් විජයකෝන් මහතාගේ සාක්ෂි ස්කයිප් තාක්ෂණය ඔස්සේ කැඳවීමට නියම කර තිබුණද ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින සාක්ෂිකරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

සාක්ෂිකරුවකු ලෙස නම්කර ඇති විශේෂඥ වෛද්‍යවරයා සාක්ෂි ලබාදීම මගහරිමින් සිටින බවට පෙනී යන බව ද රහස් පොලිසිය කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.



අදහස් (5)

සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග

බද්රානි Wednesday, 09 October 2024 06:24 PM

වකුගඩු ජාවාරමට කප් ගහපු විශේෂඥ වෛද්‍යවරු ඉන්න රටක් මේක... අර ගොමා මාෆියා සංවිධානයේ ප්‍රබලයෙක් තමයි මේවාට ඉල්ලුමට අනුව ගනුදෙණු පහසුකම් සපයන්නේ... පහුගිය කාලේ දේශපාලන බලය නිසා ඕවා යට ගැහුවා...

:       13       41

බූන්දිWednesday, 09 October 2024 06:53 PM

වහාම ගිහින් තොරතුරු CID එකට දෙන්න. සාපේක්ෂව වැදගත් මිනිස්සු එතන දැං වැඩ. (මේ වගේ අලුබෝමුල්ල පොලීසියේ සිද්ධියක් දැං තමයි විමර්ශන පටන් අරන් තියෙන්නේ. කලින් ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානෙ නිර්දේශ ගනන් අරගෙනත් නෑ)

:       2       17

Susa Wednesday, 09 October 2024 08:56 PM

ඔහු ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කොහේද? ඒ විස්තර පල කරන්න. ඒවා මෙහේ ටීවී නාලිකාවකට දුන්නා නම් ඔවුන් පැය 24න් ඔහුව පොලිසියට හොයලා දේවි. දැන් අවුරුදු ගාණක් ඉස්සර ළමා අපචාර කරලා ඕස්ට්‍රේලියාවෙන් පැනලා හැංගිලා හිටි එකෙක්ව පොලිසියටවත් හොයන්න බැරුව ඉන්න අතරේ චැනල් 9 නාලිකාවෙන් හොයාගෙන පොලිසියට දුන්නා.

:       0       0

Jayamanna Thursday, 10 October 2024 06:39 AM

@බද්‍රානි, මෝඩ කතා කියන්න එපා. කිසිදු සාක්ෂියක් නොමැතිව වෘත්තිකයන්ට පමණක් චෝදනා නොකරන්න.

:       3       1

කලිඳු Thursday, 10 October 2024 08:13 AM

මමනම් කියන්නෙ වැ‍රැද්ද වැ‍රැද්ද විදියට දකින්නෙ නැතුව මෙම සහගහන අපරාධය සාධාරණීයකරණය කරන්න අශ්ව ලාඩම් ඇඳ ඇඳ තමන්ගෙ සහචරයින් කොයි වැ‍රැද්ද කලත් දොස්තර කම නිසා වරද හංගන්න සමාජ ජාල වල හෑලි ලියපු දොස්තරලත් අත්තඩංගුවට ගත යුතුය. මොකද එකක් ඔවුන් වෛද්‍ය විද්‍යාව හරියට ඉගෙන ගෙන නෑ. අනික මිනී මැරුමකට අනුබල දීම. ඒ වෙනුවෙන් පෙනී සිටීම

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site