
(සුමිත් පොතුපිටිය)
පානදුර මුහුදු වෙරළේ විනෝදයට දියනාමින් සිටි තරුණයන් දෙදෙනකු අද(08)වැනි දා පස්වරුවේ රළ පහරට හසුව ගසාගෙන ගොස් එක් තරුණයෙකු අතුරුදන්ව, අනෙක් තරුණයා බේරාගෙන ඇති බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ පානදුර, තොටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී මොහොමඩ් රිහාන් නමැති 23 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය කීය.
අතුරුදන්ව ඇති තරුණයා ඇතුළු මිතුරන් පස් දෙනෙකු පානදුර ළමා උද්‍යානය ඉදිරිපිට මුහුදේ දියනාමින් සිටියදී තරුණයන් දෙදෙනකු ගසාගෙන ගොස් ඇති බව සදහන් වේ.
පසුව පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිළධාරින් දෙදෙනකු විසින් එක් තරුණයෙකු බේරාගෙන ඇති අතර අනෙක් තරුණයා රළ පහරට හසුව එක්වරම නොපෙනී ගිය බව ජීවිත ආරක්ෂක නිළධාරියෙක් පැවසීය.
අතුරුදන්ව ඇති තරුණයා සොයා පොලිස් සහ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිළධාරින් රාත්‍රියේත් පානදුර වෙරලේ නිරීක්ෂණය කරමින් සිටින බව ජීවිත ආරක්ෂක ඒකකය සදහන් කළේය.
බේරාගෙන ඇති තරුණයා ප්‍රථමාධාර ලබාදීමෙන් පසු පානදුර මූලික රෝහලට යොමුකර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
2025 දෙසැම්බර් මස 18
654
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැඩ පහරට හසුව තරුණයෙකු අතුරුදහන්