IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ස්ටැෆර්ඞ් ශ්‍රී ලාංකික පාසලට විවිධ ක්ෂේත්‍රයන්ගෙන් ජයග්‍රහණ රැසක්

DSC_0003

DSC_0006

IMG_7725

 

පසුගියදා නිමාවට පත්වූ කටාර් පාසල් ඔලිම්පික් තරගාවලියේ අවුරුදු 13 න් පහළ මීටර් 50ඞ4 සහාය දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට දෝහා නුවර ස්ටැෆර්ඞ් ජාත්‍යන්තර පාසලට හැකිවිය. සෙසු කණ්ඩායම් සමග තියුණු තරගයක යෙදුණු මධ්‍ය පාසලේ අබ්දුල් සමාඞ්, රීස්ක් සදීක්, ධනිත සංදීෂ් සහ අක්මාල් අක්රම් යන සිසුන් ඉසව්වේ දෙවැනි ස්ථානයට පත්වීමට සමත්විය.


ස්ටැෆර්ඞ් පාසලේ ඉගෙනුම ලබන 10 හැවිරිදි ජව්සීත් ජවුෆර් ශ්‍රී ලංකා මළල ක්‍රීඩා ක්ෂේත්‍රයේ සිය වාසනාව උරාග බැලීම සඳහා මෙම සතියේදී පාසල හැර යාමට නියමිතය. මේ වසරේ පැවැති නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදී “හොඳම ක්‍රීඩකයාට” හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ජව්සීත් දීප්තිමත් අනාගතයක් ඇති කෙටි දුර ධාවකයකු වුවත්, ඔහු දුර පැනීම ඉසව්වටද තරග වදියි. ඔහු ශ්‍රී ලංකාවේ හිටපු ජවන සහ පිටිය ක්‍රීඩකයකු වන සුගත් තිලකරත්න මුණ ගැසීමට නියමිත අතර ජව්සීත්ගේ හැකියාවන් තක්සේරු කොට ඔහුගේ ක්‍රීඩා කෞෂල්‍ය වර්ධනය කරගන්නා අයුරු ගැන උපදෙස් ලබාදීමට සුගත් තිලකරත්න කටයුතු කරනු ඇත.


මේ අතර පාසලේ ජ්‍යෙෂ්ඨ විවාද කණ්ඩායම කටාර් පාසල් කථික ලීග තරගාවලියට තරග වදින විවාද කණ්ඩායම් 50 අතරට තෝරාගෙන ඇත. ස්ටැෆර්ඞ් පාසලේ ජ්‍යෙෂ්ඨ විවාද කණ්ඩායමේ සාමාජිකයන් ලෙසින් ගියාස් ඔලයිවෝලා, ටෙරී  මුහුන්දන් සහ ටිමේෂ් පෙරේරා කටයුතු කරයි.


මීට අමතරව පාසලේ ප්‍රාථමික අංශයේ ප්‍රශ්න විචාරාත්මක කණ්ඩායමේ සිසුන් වන ඩියොන් බල්ඞ්සිං, හේෂර ගුණවර්ධන සහ අබීර් අබුබකර් කටාර් ඊ-නේචර් සජීවී පාසල් තරගාවලියේදී ස්ටැෆර්ඞ් ශ්‍රී ලාංකික පාසල නියෝජනය කරමින් අවසන් වටය තෙක් පැමිණීමට සමත් විය. මෙය ස්ටැෆර්ඞ් 
ශ්‍රී ලාංකික පාසල ප්‍රශ්න විචාරාත්මක තරගාවලියකට සහභාගි වූ පළමු අවස්ථාවද වෙයි.


දෝහා නුවර ස්ටැෆර්ඞ් ශ්‍රී ලාංකික පාසල නිරන්තරයෙන්ම අන්තර් පාසල් තරගාවලිවලට සහභාගි වීම සඳහා එහි දරු දැරියන් දිරි ගන්වමින් දරුවන් තුළ හිතකර තරගකාරීත්වයක් ඇති කරලීමට කටයුතු කරයි.



අදහස් (0)

ස්ටැෆර්ඞ් ශ්‍රී ලාංකික පාසලට විවිධ ක්ෂේත්‍රයන්ගෙන් ජයග්‍රහණ රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site