IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සජබ හිටපු මන්ත්‍රීගේ කැබ් රිය පබුරන දමා ගිහින්

(ගයාන් සූරියආරච්චි සහ ක්‍රිෂාන් ජිවක ජයරුක්)

දකුණ පළාත් සභාවේ සමගි ජනබලවේගය හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුට අයත්   කැබ් රථයක් මාතර පබුරන ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් පිටුපස දමාගොස් තිබියදී මාතර පොලිසිය සොයාගෙන ඇත.

මාතර පබුරන ප්‍රදේශයේ අයිතිකරුවකු නොමැති කැබ් රථයක් කිසියම් පුද්ගලයකු විසින් දමාගොස් තිබෙන බවට මාතර පොලිසියට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් එම කැබ් රථය අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව එම කැබ් රථය මාතර පොලිස් ස්ථානයට රැගෙන විත් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී එම කැබ් රථය දකුණු පළාත් සභාවේ සමගි ජනබලවේගය හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු විසින් රියැදුරකු සමග එම කැබ් රථයෙන් පැමිණ සංචාරක නිකේතනය පිටුපස දමාගොස් ඇති බවට තොරතුරු අනාවණය වී ඇත.

අත්අඩංගුවට ගත් කැබ් රථය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර ඇත.

මාතර දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී   පණ්ඩුල වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක චන්දන හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරති.



අදහස් (2)

සජබ හිටපු මන්ත්‍රීගේ කැබ් රිය පබුරන දමා ගිහින්

Western MP Monday, 28 October 2024 03:32 PM

මෙයාලාගේ නායකතුමා ගාවත් මේ වර ඡන්දය ඉල්ලන්න හිටපු පලා බබෙක්ගෙන් ණයට ගත්තු ඔයින් එකක් තියනවා කියලා අහලා තියෙනවා. පලා බබා ඉල්ලුවාලු තාම දුන්නේ නෑලු....! 

:       3       31

Nihal Dharmatileke Monday, 28 October 2024 03:53 PM

හිටපු මන්ත්‍රී හොරුනේ... අනේ මගේ වත්තේත් වාහනයක් දාලා යන්නකෝ...

:       1       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site