IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සජින් ද වාස් ගුණවර්ධන කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අවධියේ උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල්  තිස් කෝටි හැට ලක්ෂයකට අධික මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් කල බවට තමන්ට එරෙහිව  නීතිපතිවරයා  මහාධිකරණය හමුවේ ගොනුකර ඇති අධි චෝදනා නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවන ලෙසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා කළ  ඉල්ලීමක් අභියාචනාධිකරණය  අද  (18)  ප්‍රතික්ෂේප කළේය.
 
කෙසේ වුවද සජින් ද වාස් ගුණවර්ධන මහතා විසින් ගොනුකර තිබූ මෙම ඉල්ලීම ඇතුලත්  පෙත්සම සලකා බැලීමට තීරණය කළ අභියාචනාධිකරණය ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා ලබන මස 03 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නීතිපතිට නියෝග කරමින් නොතීසි. නිකුත් කළේය.
 
අදාළ නඩුවේ සාක්කි විභාගයේදී පරිගණක දෘඩ තැටි සම්බන්ධයෙන් ඉල්ලීමක් කිරීමට අවශ්‍ය වුවහොත් එම අවස්ථාවේදීම මහාධිකරණයේ දී එම ඉල්ලීම කරන ලෙස අභියාචනාධිකරණය සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ නීතීඥවරුන්ට දැනුම් දුන්නේය.
 
මෙම ප්‍රතිශෝධන පෙත්සම අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැදවිණි.
 
පෙත්සම අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී  පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් කියා සිටියේ පරිගණක දෘඩ තැටි 10 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් ගේ බාරයට ගත් බවය.
 
එමතැටි දහයෙන් , හතක ඇතුලත් කරුණු පිලිබදව තමන් දැනුවත් වුවද , ඉතිරි තැටි තුනෙහි ඇතුලත් කරුණු සම්බන්ධයෙන් විත්තිකාර පාර්ශවය දැනුවත් කර නැති බව ද ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

එහෙත් ඉන් පරිගණක දෘඩාංග තැටි 03 ක් ක්‍රියාත්මක නොවන තත්ත්වයක පවතින බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එම පරිගණක දෘඩ තැටි තුන තුළ අන්තර්ගත දත්ත මත සාක්ෂි මෙහෙයවීමක් සිදු වූවොත් ඉන් තම සේවාදායකයාට අගතියක් සිදුවුනු ඇති බව සඳහන් කළේය.

මෙම තත්ත්වය මත තම සේවාදායකයාට සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මේ හේතුවෙන් අදාළ පරිගණක දෘඩ තැටි දහයම කොළඹ හෝ මොරටුව විශ්ව විද්‍යාල වල පරිගණක අංශ වෙත යොමු කර විශේෂඥ වාර්තාවක් ලබා ගත යුතු බවද  ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයෙන්  ඉල්ලා සිටියේය.

එසේම මෙම නඩුවේ සාක්කි විභාගය අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත්  කරන්නැයි ද ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
මෙහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට කියා සිටියේ විත්තිකාර පෙත්සම්කරු එරෙහි අධිචෝදනා පත්‍රය ගොනු කරනු ලැබුවේ මෙම පරිගණක දෘඩ තැටි අදාළ කර ගැනීමකින් තොරව බවය.

ඒ අනුව එම දෘඩ තැටි වල ඇතුලත් කරුණු මත සාක්කි විභාගය සිදු නොවන බවද නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.මෙවැනි අදාළ නොවන ඉල්ලීමක් මත මහාධිකරණ නඩු විභාගය අත්හිටුවන නියෝගයක් නිකුත් නොකරන්නැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර සජින්ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව  මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවේ සාක්කි විභාගය අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.පෙත්සම්කාර සජින් ද වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ  ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය.
 
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.



අදහස් (19)

සජින් ද වාස් ගුණවර්ධන කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

ගැමුණු Thursday, 18 June 2020 12:00 PM

30,060,00000.00 දෙවියනේ මොන තරම් විශාල මුදලක් ද මේ...?

:       0       40

KumaThursday, 18 June 2020 12:20 PM

අයියෝ එහෙම හිතන්න එපා මහින්දත් එක්ක සතෙන් සතේ එකතු කරපු සල්ලි ඒ...

:       47       331

BamunuarachchiThursday, 18 June 2020 02:01 PM

හලෝ සතෙන් සතේ එකතු කලාම තමයි කෝටිගණන් හැදෙන්නේ ඕක කියන්න තරම් දෙයක් නොවෙයි.., හැබැයි රාජිත නැව් ගත්ත ඒවා ගැන කතා නැහැ. වරායෙන් එළියට එන කන්ටේනර් ස්කෑන් කළාම එක කන්ටේනරයට ඩොලර් 10 බැගින් ගන්න ඇමතියන් ගැන කතා නැහැ. පොලිතින් බෑග් එකේ රෙදි ඔතාගෙන යාපනෙන් පැනලා දැන් අක්කර දහස් ගණනක් ඉඩම් අයිති කර ගත්ත ඇමතියන් ගැන කතා නැහැ. මොකක්ද හලෝ ඔහේගේ ජාති ආලය...?

:       288       302

BamunuarachchiThursday, 18 June 2020 02:25 PM

හලෝ මොන ඉස්කෝලේද ගණන් ඉගෙන ගත්තේ? තිස් කෝටි හැට ලක්ෂය ලියන්නේ ඔහොමද? මෙන්න තිස්කොටි හැට ලක්ෂ විසි දහස් පන්සීය පනස් පහ 30,60,20555... ඔහෙලත් ඔහෙලට පන්දම් අල්ලන කුමා වගේ මිනිස්සු ගැනත් හිතාගන්න පුළුවන්...

:       22       40

ලාල්Friday, 19 June 2020 12:39 AM

හලෝ, තුන් කෝටි නොවේ. තිස් කෝටි.. තිස් කෝටි..

:       0       3

BamunuarachchiFriday, 19 June 2020 12:06 PM

ලාල් තිස් කෝටිය ලියලා පෙන්වන්න.

:       1       0

BamunuarachchiFriday, 19 June 2020 12:13 PM

හලෝ ලාල් 9900000 පැන්නාම එන්නේ මොකක්ද? මෙන්න 99,00000. ඊළඟට එන්නේ කොටියා. මෙන්න එක්කෝටි හැට ලක්ෂය 1,60,00000....

:       0       0

lalSaturday, 20 June 2020 10:11 AM

අරයා මිට වඩා හෙරකම් කළා... කෝ එයාට දඩුවම් දුන්නද කියලා අහලා හරියන්නේ නැහැ. ඒක තමයි හොරුන්ගෙ තියරිය. අරයා කලානම් එයාටත් මෙයා කලානම් මෙයාටත් නිතියට අනුව දඩුවම් දියයුතුයි. සාක්කි ඉස්සෙල්ලා එළියට ආපු අයට ඉස්සෙල්ලා, දඩුවම්. ඒකතමා විය යුුත්තේ. එහෙම නැතුව හැමෝගෙම වැරදි හොයලා ඔක්කෝම සාක්කි එකතු කරලා මේක කවදාවත් ඉවර කරන්න බැහැ...

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 18 June 2020 12:18 PM

රුපියල් තිස් කෝටි හැට ලක්ෂයකට වැඩියෙන් ඇති වත්කම් උපයාගත් ආකාරය හෙළිකරන ලෙස පවරා ඇති නඩුව ඇසීමට එරෙහිව අධිකරණයට ඉල්ලීම් ඉදිරිපත් කරලා.. ඒ කියන්නේ මේ කෝටි ගණන ඉපැයූ අයුරු කීමට බැහැ. ප්‍රශ්නය වන්නේ ඒ මන්ද? යනුවෙනි...

:       2       47

Prabha Thursday, 18 June 2020 12:58 PM

මෙයා අවුරුදු කීයක් පාර්ලිමේන්තුවේ හිටියද?

:       0       8

චන්දන Thursday, 18 June 2020 01:57 PM

ඕක මොකක්ද? කල් ඉකුත් වුණු බෙහෙත් පෙති වැඩි ගාණකට විකුණලා මේ වගේ කීප ගුණයක් හම්බ කරපු ඇමැති තුමාට කිසිම නඩුවක් නැහැ නේ. දඬුවම් පොඩි හොරුන්ට විතරයි.

:       35       168

කිත්තා Thursday, 18 June 2020 03:10 PM

"ආච්චිට මැණික් මල්ලක් හම්බවෙනවා. ඒ මැණික් විකුණලා මුණුබුරාලා දේපල මිලට ගන්නවා. පන්සල් වලට අලි පැටව් ගෙනත් දාලත් යනවා. සමහර අයට අයිතිකාරයෝ නැති මාලිගා වගේ ගෙවල් එහෙමත් අයිති වෙනවා. සමහර මාධ්‍යවේදීන් රටින් පැනලා යනවා.. රගර් ක්‍රීඩකයන් බීමතින් අධික වේගයෙන් කාර්වල ගිහින් හැප්පිලා මැරුණා..." මෙහෙම සුරංගනා කතාවලුත් අපි ඇහුවා හාමුදුරුවනේ.. ඒ වුණාට තිස් අට කෝටිය ගැන අපි සතේට හොයලා දඬුවම් දෙමු...

:       0       2559

karu Thursday, 18 June 2020 03:14 PM

ඩුබායි වල ට්‍රයිකෝ එකේ මුට්ට කරගපු සජින් දේශපාලනයට ආව ගමන් කොහොම ගැහිලි ගහන්න ඇතිද ..? ඩුබායිවල ඉන්නකොට ලංකාවෙන් එහෙට ගිය දේශපාලුවන්ට මාංශ සප්ලයි කරපු පිනෙන් තමයි මේ දේශපාලනයට එන්න දොර හැරුනේ.. දන්නෝ දනිති.

:       0       232

pradeepa Thursday, 18 June 2020 05:44 PM

මහින්දගේ ආණ්ඩුව මිනිස්සුන්ට හොරකම් කරන්න දීලා බලාගෙන හිටිය තරමක මහත...

:       0       30

Bamunuarachchi Friday, 19 June 2020 02:17 AM

ආච්චිගේ මැණික් මල්ල ගැන කතා කරන්නේ ඊට වඩා දේවල් අපේ අධිකරණයේ සිද්ද වෙලා තිබෙන බව දන්නේ නැතුව නේද? නඩුවකදී පැමිණිල්ලෙන් කීවා විත්තිකරු ගොයම් කොලේට මුවාවී වෙඩි තිබ්බා කියලා. විත්තියට පෙනී සිටි ඒ කාලේ ලංකාවේ දක්ෂම නීතිඥ මහතෙක් ගොයම් කොලයක් පෙන්වා නඩුකාරයාට කීවා මේකට මුවාවෙන්න බැහැ.. එම නිසා මේ සාක්ෂිකරු කියන්නේ බොරු කියලා. එමනිසා උසාවියේ කෙරෙන කතා දණහිසෙන් ඉහළ ගන්න එපා. ආච්චිගේ මැණික් මල්ල ගැන කතාව ඔබ නොපිළිගත්තාට උසාවිය එය අහක දැම්මා කියා කියවෙන්නේ නැහැ නේද..?

:       0       0

Perera Friday, 19 June 2020 02:24 AM

මෙයා රාජපක්ෂ කූඩාරමේ ඉන්නකොට ඒ අයගේ ගුණ වර්ණනා කරකර සුරසැප විඳිනගමන් බඩවඩාගත්තා. දැන් කූඩාරම මාරු කරලා රාජපක්ෂ පව්ලේ අය ගැනයි, ඒ රජය ගැනයි දොස් කියනවා. මෙයාගේ වැඩ ගැන දන්න අය නම් දන්නවා. මෙහෙම අයව කිසිම පක්ෂයකින් වැද්ද ගන්න හොඳ නැහැ.

:       0       1

SL Friday, 19 June 2020 03:03 AM

හානේ... මහබැංකුව හොරා කාපු එක ඔයාට අමතක් වෙලා තීරු බදු අඩු කරලා පැජරෝ එලියට දාපුවා අමතක වෙලා... ඔයා කොළ කන්නාඩියක් දාගෙන නේද ඉන්නේ.

:       0       0

kavnda Sunday, 21 June 2020 12:02 AM

මෙයා එජාපයෙන් මේ පාරත් පාර්ලිමේන්තුවට එනවා... එතකොට බලාගමු...

:       0       0

Ramani Sunday, 21 June 2020 07:24 AM

මහින්දගෙන් කාලා යහපාලනයට මාරුවුණා හොර වහගන්න. දැන් ආපහු මාරුවෙන්න බැරි නිසා හිතට අමාරුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site