IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සජිත්ගේ රැලියට නැග්ග මානගේට ‘ගුවන’ තහනම්

(සුජිත් හේවාජුලිගේ )

මාතර තංගල්ල සහ  ඒ අවට ප්‍රදේශවල පැවැති  සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම්වලට සහභාගි වී කතා පැවැත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතාට ජාතික  රූපවාහිනියෙන් සහ  ජාතික  ගුවන්විදුලියෙන් නොමිලයේ  වෙන් කෙරුණු ගුවන්  කාලය මැතිවරණ කොමිෂන්  සභාවේ නියෝගයෙන්  අත්හිටුවා ඇත.

ඔහු වෙනත් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම හේතුවෙන්  කොමිසම  මෙම පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  ගුවන් කාලය දිය නොහැකි බව  එම මාධ්‍ය ආයතනවලින් තමාට දැනුම් දුන් බවයි

පටිගත කෙරුණු  තමාගේ කතා කිහිපයක් රූපවාහිනියේ මීට පෙර විකාශනය වූ බව පැවසූ හිටපු  මන්ත්‍රීවරයා පටිගත කෙරුණු තවත් කතා කීපයක් විකාශනය කිරීමට  නියමිතව තිබූ බවද සඳහන් කළේය.

මැතිවරණ නීතිය කඩ නොකළ තමා කළේ ජනතාවගේ ඉල්ලීමක්   ඉටුකිරීම  පමණක් බවද ප්‍රේමසිරි මානගේ මහතා කීවේය.

තමා නීතියට ගරු කරන පුද්ගලයකු බවත් ගුරු වෘත්තියේ නියැලෙන  පුත්‍රයා  තමා ජනාධිපති අපේක්ෂකයකු හෙයින් ඡන්ද රාජකාරී කටයුතුවලින් පවා  පසුගියදා ඉවත්වූ බවත් ඔහු සඳහන් කළේය.

වෙනත් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා මානගේ මහතාට අවවාදයක්ද කර තිබිණ.

වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන ඕනෑම අපේක්ෂකයකුට ජාතික රූපවාහිනියන් සහ ජාතික ගුවන් විදුලියෙන්  දෙන ගුවන් කාලය අත්හිටවන   බව මැතිවරණ කොමිෂන් සභාව  ප්‍රකාශ කරයි. 



අදහස් (3)

සජිත්ගේ රැලියට නැග්ග මානගේට ‘ගුවන’ තහනම්

ලුම්බිණි Monday, 16 September 2024 06:06 AM

මුන්ට පිස්සු .

:       1       26

ප්‍රේමසිරි Monday, 16 September 2024 07:37 AM

පුත්‍රයා පියා ජනාධිපති අපේක්ෂක නිසා මැතිවරණ රාජකාරි වලින් ඉවත්වුනා කියන්නෙ කොහොමද එහෙම අයට අනිවාර්යයෙන් මැතිවරණ රාජකාරි කරන්න දෙන්නෙ නැහැ ප්‍රේමසිරි උඋන්නැහේ මැතිවරණ නීති අනෙක් අයට වගේම තමුන්ගෙ පුතාටත් අදාලයි මැතිවරණ රාජකාරි සදහා නිළධාරි සංගණන අයදුම්පතේ අහනවා ඔබේ කිසිවෙක් මැතිවරණය සදහා අපේක්ෂක කෙනෙක් හැටියට ඉන්නවද කියලා ඒකට ඔව් කියලා ලිව්වම ඔහු රාජකාරි වලට ගන්නෙ නැහැ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වුනාම ලැබෙන නියෝජිතයන් පත්කිරීම ඇතුළු වරප්‍රසාද සියල්ලමත් මොහුට නොදෙනවා නම් හොදයි මැතිවරණ කොමිසමේ අවධානයට යොමුවේවා

:       1       33

Perera Monday, 16 September 2024 09:04 AM

තමුන්ව ප්‍රවර්ධනය කරගන්න මෙහෙම එවුන්ගේ සහය පතන එකම ඇති සජිත්ව ප්‍රතික්ෂේප කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 667 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1112 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site