(හේමන්ත ද සිල්වා)
අහුන්ගල්ලේ සංචාරක හෝටලයක පළමු මහලෙන් බිමට වැටුණු දරුවකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුත් කර තිබේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ කුරුණෑගල පදිංචි සිව් හැවිරිදි පිරිමි ළමයෙකි.
මව්පියන් සමග සංචාරයක් සඳහා පැමිණ හෝටලයේ පළමු මහලේ කාමරයක නතරව සිටියදි ළමයා අද අලුයම හතරට පමණ කාමරයෙන් පිටතට පැමිණ බැල්කනියේ රැඳි සිටියදි බිමට වැටි ඇත.
තුවාල ලැබු ළමයා පළමුව බලපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සංචාරක හෝටලයේ පළමු මහලෙන් දරුවා බිමට
prasanna Sunday, 14 May 2023 01:07 PM
අපේ රටේ දරුවන්ට අපලයි.
සෙනෙවිරත්න Sunday, 14 May 2023 03:04 PM
මරු හෝටල, බැල්කනිවල අත්වැටවල් නැද්ද? අත්වැටවල් උඩින් වැටෙනවා කියන්නේ එක්කෝ මිනීමැරුමක් නැත්නම් සිය දිවි නසා ගැනීමක්. මෙවැනි අනාරක්ෂිත හෝටල සොයාබලා වහාම තහනම් කළ යුතුයි..