
(විමුක්ති එස් රුද්‍රිගු)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (30) අප පුවත්පතට අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
පසුගිය වසර දෙක පුරා කිසිදු බුරුලක් නොපෙන්වා ඖෂධ මාෆියාවට එරෙහිව වෛද්‍ය මහීපාල මහතා කටයුතු කළ බව සැවොම දන්නා කරුණක් යැයි වෛද්‍ය බෙල්ලන මහතා එහිදී පැවැසුවේය. එම නිසාම බේත් හිඟයට සාධාරණ විසඳුමකුත් බාල බේත් ගෙන්වීමට තිත තැබීමටත් වෛද්‍ය මහීපාල මහතාට හැකියාව ලැබුණු බව බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.
ආණ්ඩු මාරුවත් සමග ඔහුටද තනතුර අහිමිවේ යැයි බලාපොරොත්තුවෙන් සිටි ඖෂධ ජාවාරම්කරුවන් එම බලාපොරොත්තු සුන්වීම නිසා වියරු වැටුණු විලසින් සෞඛ්‍ය ලේකම්වරයා පළවා හැරීමට කුමන්ත්‍රණ සිදු කරන බව වෛද්‍ය බෙල්ලන මහතා පැවැසුවේය.
ඒ අනුව ව්‍යාජ පුවත් මවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට ඖෂධ මාෆියාව පියවර ගෙන ඇති බවද මේ තත්වය පිළිබඳ රජය අවධානය යොමුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ඉල්ලා සිටින බවද වෛද්‍ය බෙල්ලන මහතා ප්‍රකාශ කළේය. වංචාවෙන් දූෂණයෙන් තොර නිලධාරීන්ට සාමකාමීව සිය රාජකාරී සිදු කිරීමට ඉඩ නොදෙන ඖෂධ ව්‍යාපාරයන්ට එරෙහිව තදින් ක්‍රියා කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවද වෛද්‍යවරයා පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
697
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්