"අහස් ගව්ව", "බඹරු ඇවිත්" වැනි ලක් සිනමාවේ නොමැකෙන සිහිවටන බිහිකළ සම්මානනීය සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන් දිගු විරාමයකට පසුව ගෙන එන නවතම චිත්‍රපටය 'සක්කාරං' හි මංගල දර්ශනය පසුගියදා (22දා) කොළඹ රීගල් සිනමා ශාලාවේදී තිරගත කෙරිණි.
2011 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වූ හොඳම කෘති පහ අතුරින් එකක් වන චම්මින්ද වෙලගෙදර ලියූ 'සක්කාරං' නවකතාව ඇසුරින් මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත.
බිමල් ජයකොඩි, ප්‍රසාදිනි අතපත්තු, ගයාන් වික්‍රමතිලක, පුබුදු චතුරංග, සිරිල් වික්‍රමගේ, සරත් කොතලාවල, ඩබ්ලිව්. ජයසිරි, අනුර බණ්ඩාර රාජගුරු, නීටා ප්‍රනාන්දු, ලක්ෂ්මන් මෙන්ඩිස්, චමිලා පීරිස් ඇතුළු නළු නිළි පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති. කැමරා අධ්‍යක්ෂණය ඩොනල්ඩ් කරුණාරත්නගෙනි. සංගීතයෙන් දායක වන්නේ නදීක ගුරුගේ ය. සංස්කරණ ශිල්පියා වන්නේ එල්මෝ හැලිඩේ ය. සිය නවකතාව ඇසුරින් ම තිර රචනය කරන්නේ චම්මින්ද වෙලගෙදර වන අතර, සරසවි සිනෙරු නිපැයුමක් ලෙස නිෂ්පාදන දායකත්වය එච්.ඩී. ප්‍රේමසිරිගෙනි. පහත දැක්වෙනුයේ එහි සුවිශේෂී අවස්ථා කිහිපයකි.
ඒශාන් ප්‍රනාන්දු
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
'සක්කාරං' සිනමා පටයේ මංගල දැක්ම දා