IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ෂාරුක්ගේ දරුවන් ඩුබායි මුහුදු වෙරළේදී මාට්ටු

20160328_Sharuk1
බොලිවුඩයේ "කිං ඛාන්" හෙවත් ෂාරුක් ඛාන්ගේ දරුවන් වූ සුහානා හා අභිරාම් දෙදෙනා ඩුබායි මුහුදු වෙරළේදී දිය නෑමට ගොස් සිටින ඡායාරූපයක් පසුගියදා අන්තර්ජාලය තුළ දකින්නට ලැබී ඇත. දැනට පවතින උනුසුම කාලගුණය හේතුවෙන් ලොවපුරා වෙසෙන සුපිරි ධනවතුන් ඩුබායි මුහුදු වෙරළට පැමිණ විනෝද වන්නට උත්සාහ කරමින් සිටින අතර, ෂාරුක් පවුලද දැනට පවතින උනුසුමින් මිඳෙන්නට මෙසේ ඩුබායි වෙරළට පැමිණ විනෝදවන්නට කටයුතු කර ඇති බවට තොරතුරු ලැබි ඇත. එහෙත්, මෙම විනෝද ගමනට ෂාරුක් සහභාගී නොවූණ අතර, ඔහු ඒ වනවිටත් මුම්බායි නගරයේ සිය අලුත්ම චිත්‍රපටය වූ "රායිස්" හි අවසන් රූපගත කිරීම් කටයුතු වලට සම්බන්ධ වී සිටි බවට තොරතුරු වාර්තා වේ. කෙසේ වෙතත්, වාර්තා වන අන්දමට ගෞරි ඇතුළු ෂාරුක් පවුලේ පිරිස මෙම විනෝද ගමන අප්‍රසිද්ධියේ සිදු කළ එකක් බවය. නමුත්, ෂාරුක්ගේ දරුවන් වූ සුහානා හා අභිරාම් මුහුදු වෙරළේ විනෝද වෙන අයුරු හොර රහසේ ගත් ඡායාරූපයක් පසුගියදා "කෝයිමෝයි" වෙබ් අඩවිය තුළ පළවීමත් හරහා මෙම ගමනේ තොරතුරු අන්තර්ජාලයට ෂාරුක් පවුලට මුදාහරින්නට සිදුවු බව සඳහන් වේ.

බුද්ධික සේනාධීර



අදහස් (0)

ෂාරුක්ගේ දරුවන් ඩුබායි මුහුදු වෙරළේදී මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site