IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ෂැංග්‍රීලා බෝම්බකරුගේ පියා ඇතුළු 6 ක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරුණූ බෝම්බකරුවකු වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් ඊබ්‍රහීම් ඉන්සාෆ් අහමඩ් ගේ පියා සහ තවත් පුද්ගලයින් හය දෙනෙකු මාස 08 ක රැඳවුම් නියෝගයකින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.

පාස්කු ඉරිදා දින දෙමටගොඩ ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ත්‍රස්වාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකිරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණී.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පාස්කු ප්‍රහාරයෙන් මරාගෙන මැරුණූ බෝම්බකරුවකු වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්සාෆ් අහමඩ් ගේ පියා වන අංක 658/87, මහවිල උද්‍යානය, බේස්ලයින් පාර, දෙමටගොඩ පදිංචි මොහොමඞ් ඊබ්‍රහිම්, මොහොමඞ් අහමඩ්, ඇතුලු සැකකරුවන් හය දෙනෙකි.

 

 



අදහස් (5)

ෂැංග්‍රීලා බෝම්බකරුගේ පියා ඇතුළු 6 ක් රිමාන්ඩ්

ranjith Wednesday, 22 January 2020 02:39 PM

මේ රජයෙන්නම් මේ අපරාධ ගැන සොයා බලා වරදකරුවන්ට නිසි දඩුවම් ලබාදේවි.

:       3       32

sudath Wednesday, 22 January 2020 04:18 PM

ජවිපෙ සම්බන්ධයක් තියෙනවද?

:       1       4

Ratnamalala Wednesday, 22 January 2020 05:41 PM

අනුර සහෝදරයා හරිම අහිංසක කෙනෙක් කියලා කිව්වේ මෙයාට නේද?

:       3       18

eresh S kumara Thursday, 23 January 2020 04:12 AM

නීතිය හරියට ක්‍රියාත්මක වනතුරු අප බලා සිටින්නෙමු

:       1       28

Ajantha Thursday, 23 January 2020 04:37 AM

මොකද මෙතෙක් කල් කාගෙහරි බලපෑම් තිබුනද හිරේට දාන්න එපා කියලා, අහිංසක මිනිහෙක් පොල්ගෙඩියක් කැඩුවත් එදාම හිරේට දාන රටේ. ලංකාවට දියුණු වෙන්න බැරි ඕකනේ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site