IMG-LOGO

ශාෆ්ටර්ගේ ඝාතනය හොයන්න වෛද්‍ය මණ්ඩලයක්

(නිමන්ති රණසිංහ)

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයා ව සිටී දිනේශ් ශාෆ්ටර් මහතාගේ මරණය, සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය ලබන සතියේදී පත් කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (22) විවෘත අධිකරණයේදී දැනුම් දුන්නාය.

මෙම පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක්  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිවරයා විසින් අධිකරණයට එවනු ලැබ ඇතැයි මෙහිදී මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.

ඒ අනුව මෙම විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ජේෂ්ඨත්වය මත පදනම්ව ඉදිරි සතියේ දී පත් කරනු ලබන බව මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ දී සඳහන් කළාය.

මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (22) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.



අදහස් (0)

ශාෆ්ටර්ගේ ඝාතනය හොයන්න වෛද්‍ය මණ්ඩලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site