IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ශිෂ්‍යත්වය ලියන මිනුවන්ගොඩ සිසුන් 7කට කොරෝනා

( කීර්ති ප්‍රනාන්දු)

මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් 07 දෙනෙකු කෝවිඩ්  ආසාදිත බවට වාර්තා වී ඇතැයි මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වජිර රණරාජා මහතා පවසයි.

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින කොරෝනා ආසාදිත සිසු සිසුවියන් සඳහා උල්ලලපොල  කණිෂ්ඨ විද්‍යාලය තුළ විශේෂ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බවත් ,නිරෝධායනය වන සිසුන් සඳහා නියමිත විභාග මධ්‍යස්ථාන තුළ  වෙනම පන්ති කාමර තුළ විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා ඇති බවද වජිර රණරාජා මහතා පැවසීය.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වජිර රණරාජා මහතා වැඩිදුරටත් පැවසුවේ මේ වන විට මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන් අතර පෙරට වඩා කොවිඩ් රෝගී තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කරන බවත් සැලකිය යුතු සිසුන් පිරිසක් පාසල් වලට පැමිණීමේ අඩුවක් පවතින බවත් ලැබෙන තොරතුරු අනුව උණ ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම්  කිරීම හේතුවෙන් එම සිසු සිසුවියන් පාසල් වලට පැමිණ නැති බවටත් වාර්තා වී ඇති බවයි.

මේ අතර මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ගුරුවරුන්  04 දෙනෙකුට සහ විදුහල්පතිවරුන් දෙදෙනකුට ද  කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වූ බව වජිර රණරාජා මහතා පැවසීය.

පවතින තත්වය හමුවේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් තුළ සෞඛ්‍යය මාර්ගඋපදේශ දැඩිව ක්‍රියාත්මක කිරීමට   පියවර ගෙන ඇති බවද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා කීය.



අදහස් (0)

ශිෂ්‍යත්වය ලියන මිනුවන්ගොඩ සිසුන් 7කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 151 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 770 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site