'මමයි ටික්කි ටිකිරි මලේ' කිව්වොත් බොහෝ දෙනා දන්නේ ශෂිනි ඉද්දමල්ගොඩවයි. තරුණ ගායිකාව ලෙස රසික ආදරය දිනා ගත් ඇයගේ 'ගැස්සෙමිනා' නම් අලුත් ගීතය පිළිබඳව ඇය අපත් සමග මෙසේ පැවසුවාය.
"'ගැස්සෙමිනා' ගීතය එළිදැක්වුණා. අවුරුද්දෙන් පස්සේ එකේ ප්‍රචාරණ කටයුතුවලට සහභාගී වෙනවා වගේම එහි අදාළ වැඩසටහන් සඳහා සහභාගී වෙනවා. ඊට අමතරව අපි ඉන්දියන් ලේබල් එකක් යටතේ ගීතය ගෙන යන්න සාකච්ඡා පවත්වමින් යනවා. 'ගැස්සෙමිනා' සඳහා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ක්ෂේත්‍රය තුළ ඉන්න සමහර දැවැන්තයන් විසින් ඒතුළ දකින්නාවු අඩුපාඩු පිළිබඳව අදහස් ලැබෙනවා. ඉතිං පොදුවෙ ගත්තාම ගොඩාක් හොඳ අදහස් ලැබෙනවා. මෙහි අඩුපාඩු ගැන කතා කිරීම ගොඩක් වැදගත්. මොකද ඉදිරියේදී ඒ අඩුපාඩු හදාගෙන ඒක අත්දැකීමක් කරගෙන ඉදිරි කාල කටයුතු සාර්ථකව කරගෙන යාමට මට හැකියාවක් ලැබෙන නිසා."
"මම වෙනසක් කරන්න හිටිය දේ වෙලා කියලා මට හිතෙනවා. මොකද ඒ සඳහා ලැබෙන අදහස් සහ ප්‍රතිචාර නිසා. ඒකේ වෙනසක් කියන දේ හැමෝම කතාකරනවා. හැබැයි ඒ තුළ මට පොඩි අඩුපාඩුකම් නැතුවාම නෙමේ. මොකද යම්කිසි වෙනසක් කරන්න හදන අවස්ථාවලදී ඒ වෙනස තුළ යම්කිසි අඩුපාඩු තියෙන්න පුළුවන්. රැල්ලට යන ගීතයක් මියුසික් වීඩියෝවක් මම කළොත් ඒ තුළම අඩුපාඩුවක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. මොකද ඒක හැමෝම කරන රටාවක් නිසා. මේක එතැනින් එහාට හිතලා, යම්කිසි සංකල්පයක් ඔස්සේ ගෙන ගිය මියුසික් වීඩියෝවක් නිසා යම් යම් අඩුපාඩුකම් ඇති. හැබැයි සමස්තක් විදිහට හොඳ ප්‍රතිචාර හිමි වෙනවා."
"ඉස්සරහට මගේ තවත් අලුත් ගීතයක් එන්න තියෙනවා. මේ දවස් ටිකේ එහි සංකල්පය ගැන තමයි කටයුතු කරන්නේ. තව දැනට කරපු නිර්මාණයෙකුත් තියෙනවා. ඒ දෙකෙන් එකක් ඉදිරියේදී එළිදක්වන්න තමයි ඉන්නේ."
ඩිලාන් ක්‍රිෂාන්ත
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ශෂිනි ඉද්දමල්ගොඩගේ 'ගැස්සෙමිනා' ගැනයි