කොමන්වේල්ත් බැංකු කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර බෙලරිව් ක‍්‍රීඩාංගණයේදී (දිවා/රාත‍්‍රී) අද (24) පැවැති තරගයෙන් කඩුලූ 3 ක විශිෂ්ට ජයක් ලබාගත් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණීමට සමත්වුහ.
ශ්‍රී ලංකා පිලට තරගය ජයග‍්‍රහණය සඳහා අවසන් පන්දු 9 යේදී ලකුණු 14 ක් ලබා ගැනීමට තිබු අතර එහිදී තිසර පෙරේරා 49 ඕවරයේ අවසන් පන්දු තුනට ලකුණු 11 ක් (4, 6, 1,) ලබා ගනිමින් ශ්‍රී ලංකා පිල ජය මාවතට කැඳවාගෙන ගියේය.
නායක මහේල ජයවර්ධන (85) සහ දිනේෂ් චන්දිමාල් (80) අර්ධ ශතක ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ. මහේල ජයවර්ධන තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 50 යේදී කඩුලූ 6 ට 280 (පීටර් ෆොරොස්ට් 104, මයිකල් ක්ලාක් 72, මයික් හසී 21, ඬේවිඞ් හසී නොදැවී 40, බ්‍රෙට් ලී නොදැවී 20, ඇන්ජලෝ මැතිව්ස් 43/2)
ශ්‍රී ලංකාව ඕවර 49.2 කදී කඩුලූ 7 ට 283 (මහේල ජයවර්ධන 85, කුමාර් සංගක්කාර 22, දිනේෂ් චන්දිමාල් 80, ළහිරු තිරිමාන්න 24, ඇන්ජලෝ මැතිව්ස් 24, තිසර පෙරේරා නොදැවී 21, නුවන් කුලසේකර නොදැවී 4, බෙල් හිල්ෆවුනස් 51/2, ඩැනියල් ක‍්‍රිස්ටීන් 53/3)
2025 නොවැම්බර් මස 04
716
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකා පිල ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 3 කින් පරදවා පෙරමුණට එයි