බංග්ලාදේශයේ දැන් පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය ඉන්දියාවට එරෙහිව අද (13) මීර්පූර්හි ශියා බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව මේ වන විට ආසියානු කුසලාන සිවුවරක් දිනා ඇති අතර ඉන්දියාව පස්වරක් ද, පාකිස්තානය එක් වරක් ද ජය ලබා තිබේ. අවසන් වරට 2010 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියේදී ඉන්දියාව ශූරයන් බවට පත්විය. ඕස්ටේ‍්‍රලියාවේදී පැවැති ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පරාජයත් සමග පසු බෑමකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ආසියානු කුසලාන දිනා ගැනීම දැඩි අස්වැසිල්ලක් වනු ඇත. ආසන්තම ආසියානු ශූරයන් වන ඉන්දීය පිල ද ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තරගාවලියේ අවසන් වටයට පැමිණීමට අපොහොසත් වීමෙන් අනතුරුව සහභාගි වන පළමු තරගය මෙය වීම නිසා ඉන්දීය පිල පරාජිත මානසිකත්වයෙන් මිදිමට ඔවුන් ද මෙම තරගයේ ජය බලාපොරොත්තුවෙන් සිටින බව පෙනේ. පසුගිය සංචාරක කීපයේදීම ශ්‍රී ලංකා පිලේ සාර්ථකම පා දඟ පන්දු යවන්නා බවට පත්වූ රංගන හේරත් නොමැතිව ශ්‍රී ලංකා පිලට මෙම තරගාවලියට සහභාගි වීමට සිදුවී තිබේ. එම ස්ථානයට දකුණතින් පා දඟ පන්දු යවන සීකුගේ ප‍්‍රසන්න කැඳවා තිබේ. ආබාධයකට ලක්ව සිටි සුරංග ලක්මාල් බොහෝ විට අද තරගයට ක‍්‍රීඩා කිරීමට නියමිතව ඇති බවත් ඕස්ටේ‍්‍රලියානු සංචාරයේදී ආබාධයන්ට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා මේ වන විට සම්පූර්ණ සුවය ලබා සිටින බව ද වාර්තා වේ. ශ්‍රී ලංකා සංචිතය: මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, ෆර්විස් මහරුෆ්, සචිත‍්‍ර සේනානායක, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, සීක්කුගේ ප‍්‍රසන්න සහ සුරංග ලක්මාල්. ඉන්දීය සංචිතය: මහේන්ද්‍ර සිං දෝනි (නායක), විරාට් කෝලි (උප නායක), ගෞතම් ගාම්බීර්, රවින්ද්‍ර ජඬේජා, සුරේෂ් රයිනා, රාහුල් ශර්මා, රෝහිත් ශර්මා, සචින් තෙන්ඩුල්කාර්, රවිචන්ද්‍රන් අෂ්වින්, අශෝක් ඩින්දා, ප‍්‍රවීන් කුමාර්, ඉර්ෆාන් පතන්, යුසුප් පතන්, මනෝජ් තිවාරි සහ විනෙයි කුමාර්
2025 නොවැම්බර් මස 04
738
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකා-ඉන්දියා තරගය අද